ආගමේ කෑල්ලක් අල්ලන් IS ත්‍ර‍ස්ථයින් උපත් පාලන ඖෂධ දෙමින් කාන්තාවන් දූෂණය අරඹයි

ලිංගික වහලුන් ලෙස යොදා ගන්නා කාන්තාවන් ගැබ් ගැනීම වළකනු පිණිස  අයිඑස් කැරලිකරුවන් අදාල කාන්තාවන්ට උපත් පාලන ඖෂධ ලබා දෙන බව වාර්තා වනවා. නිව්යෝක් ටයිම්ස් පුවත්පත විසින් පවත්වන ලද ගවේෂණයකින් මේ බව හෙළිව තිබෙනවා.
මෙම කාන්තාවන් කැරලිකරුවන් අතර තවදුරටත් හුවමාරු කර ගැනීමේ අරමුණින් එලෙස උපත් පාලන ඖෂධ ලබා දෙන බවයි, ගවේෂණයෙන් හෙළි වී ඇත්තේ.
ඉරාකයේ ජිහාඩ් කණ්ඩායම් බාරයේ සිට පළා ආ යසිදි සුළු ජන කොට්ඨාශයට අයත් තිස් පහකට වැඩි කාන්තාවන් පිරිසක් පුවත්පත හා සාකච්ඡාවකට එක් වී තිබෙනවා. කාන්තාවන් පිරිස පුවත්පතට පවසා ඇත්තේ තමන් ගැබ් ගැනීමෙන් වළකනු වස් අයිඑස් කැරලිකරුවන් විසින් ඖෂධ සහ එන්නත් ලබා දුන් බවයි.

වහල්භාවයේ තබා ගැනීම සහ යසිදි කාන්තාවන් සහ ළාබාල තරුණියන් දූෂණයට ලක් කරන බව අයිඑස් කැරලිකරුවන් විසින් ප්‍රසිද්ධියේ පිළිගෙනද තිබෙනවා.
ගැබ්බර නොවන්නේ නම් පමණක්, වහල්භාවයේ සිටින කාන්තාවක් දූෂණයට ලක් කළ හැකි බවට වූ ඉස්ලාම් ආගමේ සඳහන් අර්ථකතනයක් යොදා ගනිමින් අයිඑස් කැරලිකරුවන් එලෙස සිය භාරයේ සිටින කාන්තාවන්ට උපත් පාලන ඖෂධ ලබා දෙමින් ලිංගික වහලුන් සේ යොදාගන්නා බවයි වාර්තා වන්නෙ.

cc