CNN මාධ්‍යවේදී රිචඩ් ක්වෙස්ට් ශ්‍රී ලංකාවට පැමිණෙයි

සුප්‍රකට ජාත්‍යන්තර මාධ්‍යවේදී CNN පුවත් සේවයේ රිචඩ් ක්වෙස්ට් මහතා ශ්‍රී ලංකාවට පැමිණියේය. ඔහු අද උදෑසන (15) ශ්‍රී ලංකාවට පැමිණි අතර පැය 18 ක මෙරට සංචාරයකින් පසු නැවත අද රාත්‍රී පිටත්ව යාමට නියමිතය. දින 8 ක් තුළ දී ගුවන්සේවා 10 ක් මගින් රටවල් 9ක් හරහා සිදුකරන චාරිකාවක අතරතුර ඔහු මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණියේය.

ඩුබායි සිට ශ්‍රී ලංකාවට පැමිණි රිචඩ් ක්වෙස්ට්, ඉන් අනතුරුව මැලේසියාව බලා පිටත්ව යනු ඇත.

ලන්ඩන් නුවරින් ආරම්භ කර නැවත ලන්ඩන් නුවරින් අවසන් කෙරෙනා රිචඩ් ක්වෙස්ට් ගේ මෙම චාරිකාවේ දී පිළිවෙලින් බ්‍රසල්ස්, චෙක් ජනරජයේ ප්‍රාගෝ, ඩුබායි, කොළඹ, ක්වාලාලාම්පූර්, සිඩ්නි, හොනලුලු, ලොස් ඇන්ජලීස් හා නිව්යෝර්ක් නගර බලා පියාසර කරනු ලැබේ.

මෙම චාරිකාව සඳහා අඩු මිල ගුවන් සේවයන් (Low-cost carriers or budget airlines) යොදා ගැනීම මෙහි ඇති විශේෂත්වයයි.

ශ්‍රී ලංකාවට පැමිණි අතරවාරයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට ද ඔහු අමතක නොකළ අතර ඉහතින් දැක්වෙන්නේ ගංගාරාමය වෙත පැමිණි අවස්ථාවේ දී ගන්නා ලද ඡායාරූපයකි. ගංගාරාමයේ ඇති වින්ටේජ් රොල්ස් රොයිස් මෝටර් රථ දෙක, තමා කිසිසේත් බලාපොරොත්තු නොවූවක් බව ඔහු සිය ට්විටර් ගිණුමේ සටහන් කොට ඇත.

 

Richard-Quest-1-600x360 Richard-Quest-2 Richard-Quest-PM 6

ඡායාරෑප – රිචඩ් ක්වෙස්ට් මහතාගේ ට්විටර් ගිණුමෙන් උපුටා ගන්නා ලදී.