2013 සිට ISIS පිළිබඳ ලබාදුන් ඔත්තු CIA සංවිධානය ගණනකට ගත්තේ නෑ

ISIS සංවිධානයේ ආරම්භයේ සිටම තම ඒජන්තයින් විසින් සොයාගත් තොරතුරු CIA සංවිධානයට ලබාදුන් නමුත් ඒවාට නිසි ක‍්‍රියාමාර්ග නොගත් බව නිදහස් සිරියානු හමුදාවේ බුද්ධි අංශ ප‍්‍රධානියා පවසා ඇත.

M යන සංකේත නාමයෙන් හඳුන්වන මෙම බුද්ධි අංශ ප‍්‍රධානියා ප‍්‍රංශයේ ලෙ මොන්ඞ් පුවත්පතට සම්මුඛ සාකච්ඡවක් ලබාදෙමින් පවසා ඇත්තේ එම තොරතුරු මත පදනම් වූයේ නම් ISIS ත‍්‍රස්තවාදය ලත් තැනම ලොප් කිරීමට ඇමරිකාවට හැකියාව තිබුණු බවයි.

ඉරාකය හා සිරියාව තුළ ISIS සංවිධානයේ ව්‍යාප්තිය පිළිබඳ ඉතාමත් සවිස්තර තොරතුරු ලබාදුන් බවත් GPS ඛණ්ඩාංක, සිතියම්, ඡයාරූප, දුරකථන අංක මෙන්ම ඇතැම් IP ලිපිනයන් පවා ඒ අතර වූ බව ඔහු පවසා තිබේ.

ISIS සාමාජිකත්වය 20 සිට 20000 දක්වා වර්ධනය වන තුරුම තමන් විසින් CIA සංවිධානයට දෙවසරක් පුරා තොරතුරු ලබාදුන් බව පවසා ඇති ඵ වැඩිදුරටත් දක්වා ඇත්තේ එම තොරතුරුවලට කුමක් කළේ දැයි විමසූ විට තීරණ ගන්නේ තමන් නොවන බවට පවසමින් මගහැරගිය බවයි.

විදේශයකදී පුහුණුව ලැබූවකු වන නිදහස් සිරියානු හමුදාවේ බුද්ධි අංශ ප‍්‍රධානියා විසින් විශ්වාසවන්ත පුද්ගලයින් 30ක් සිය ඒජන්තයින් බවට පත්කරගෙන ඔවුන් රක්කා, අල් බාබ්, ටෙල් අබ්යාද් වැනි ත‍්‍රස්තවාදී මර්මස්ථාන වෙත යැවූ අතර මෙම කටයුතු සඳහා මසකට ඩොලර් 30000ක් ඉල්ලූ විට ඇමරිකාව ලබාදුන්නේ 10000ක් පමණක් බවද පවසා තිබේ.

 

54

cnews