2020දී DEATHPROOF වාහනයක් නිපදවීමට VOLVO ප්‍රතිඥා දෙයි…

“ඔබට මින් පෙර ස්වීඩන් ජාතික ඉන්ජිනේරුවකු හමුවී තිබෙනවාද? එයාලා genuine, එයාලා කවදාවත් විශ්වාස කළ නොහැකි කිසිවක් පවසන්නේ නෑ” මෙහෙම කියන්නෙ අපි නෙවෙයි, Volvo company එකේ ලොක්කා Lex Kerssemakers.
කාටහරි තමුන්ගේ ජීවිතේට හානියක් කරගන්න ඕනෙ නම් හරි සියදිවි හානි කරගන්න ඕන නම් හරි අපිට කරන්න දෙයක් නෑ, හැබැයි ඔබ එහෙම කෙනෙක් නෙවෙයි නම් තව අවුරුදු 4කින් ඔබගේ Volvo රිය ධාවනය ඉනිමඟකට නැගලා බල්බ් එකක් මාරු කරනවාට වඩා ආරක්ෂාකාරී වේ.
වසරකට රිය අනතුරු නිසා සිදුවන මරණ සංඛ්‍යාව ඉතාමත් ඉහළයි. කොච්චර new technologies ආවත් කොච්චර safety features ආවත් තවමත් vehicle industry එක ඉන්න තැන මාරක රිය අනතුරු නවත්වන්න බෑ.
හැබැයි ඔන්න volvo සමාගම අලුත් වැඩකට අත ගහලා තියනවා. Volvo එකේ safety engineer Erik Coelingh කියන විදිහට පූර්ණ ස්වයං පාලන වාහනයක යෑමෙන් වාහනයක ආරක්ෂාව වැඩි කරගන්න පුළුවන්. පූර්ණ ස්වයං පාලන එහෙමත් නැත්නම් fully autonomous vehicle එකකට යනකොට ගැඹුරෙන් හිතන්න තර්ක කරන්න වෙනවා වාහනයට මුහුණදීමට සිදුවන සියලු අවස්ථාවන් පිළිබඳව.
හැබැයි ඒකෙන් කියවෙන්නෙ නෑ driverට vehicle එක control කරන්න බෑ කියලා. Driverට fully control එක දුන්නත් system එක දුවනවා background එකේ අනතුරකදී react කරන්න.
දැනට market එකේ තියන අලුත් වාහනවල safety features ඔක්කොම එක එකකට ගෙනල්ලා වැඩි දියුණු කරලා crashproof vehicle එකක් හදන්න පුළුවන් කියලා volvo engineersලා විශ්වාස කරනවා.

Adaptive Cruise Control

1

දැනටමත් අලුත් වාහන වල තියනවා. Radar හෝ  Sensors වලින් පාරේ ඉස්සරහින් තියන වාහන detect කරගන්නවා.අපි වාහනේට speed එකක් set කරාම එයා ඊට ගැළපෙන විදිහට safe distance තියාගෙන gas & brakes control කරනවා.

Auto Lane Keeping Assist

2

කැමරා මඟින් lane lines & road edges අඳුරගෙන lane එක තුළ වාහනය ධාවනය කරවනවා.

Collision Avoidance

3

Radar, Camera හෝ Sensors මඟින් ඉදිරියේ ඇති බාධක හඳුනාගෙන driver දැනුවත් කරනවා. ඔහු ප්‍රතිචාර නොදැක්වුවහොත් auto brakes active කරනවා.

Pedestrian Detection

4

කැමරා මඟින් අඳුරේ වුවද පාරේ සිටින මිනිසුන් හඳුනාගෙන අනවශ්‍ය ලෙස වාහනය කිට්ටුවන මිනිසුන්ව driver දැනුවත් කරනවා, ඔහු ප්‍රතිචාර නොදැක්වුවහොත් auto brakes active කරනවා.

Large Animal Detection

5

මිනිසුන් සේම අලි, මුවන්, හරකුන් වැනි වාහන වලට හානිකර සතුන් detect කරනවා.

ඉතින් අපි බලා ඉමු Volvo ප්‍රතිඥාව සඵල වන තුරු…

 

ww

turboholics