ඇමරිකානු හමුදා මත විමසුමකින් ට‍්‍රම්ප්, සැන්ඩර්ස් ඉදිරියෙන්..

ඇමරිකානු හමුදාවේ මීළග සේනාධිනායකයා වනු ඇත්තේ කව්රුන්ද යනුවෙන් කළ මත විමසුමක යුධවාදී රිපබ්ලිකන් අපේක්‍ෂක ඩොනල්ඞ් ට‍්‍රම්ප් සහ යුධ විරෝධී ඩිමොක‍්‍රටික් අපේක්‍ෂක බර්නී සැන්ඩර්ස් ඉදිරියෙන් සිටින බව වාර්තා වේ.

ඇමරිකානු ජනාධිපතිවරණයේ අපේක්‍ෂකත්වය සඳහා තරග වැද සිටින අපේක්‍ෂකයින්ගේ විදේශ ප‍්‍රතිපත්තිය ඇමරිකානු ජනතාව විසින් සලකා බැලෙනු ඇතිද යන්න විවාදිත කරුණක් වන නමුත් නව ජනාධිපතිවරයෙකු යටතේ ඇමරිකාවේ මිලිටරි ප‍්‍රතිපත්තිය කුමක්වේද යන්න සියලූම සෙබළුන්ගේ ඉරණම තීරණය කරන ගැටළුවක් බව අවිවාදිතය.

ක‍්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටින සෙබළුන්, ජාතික ආරක්‍ෂක හමුදාවේ මෙන්ම අතිරේක හමුදා සෙබළුන්  931ක් මෙම මත විමසුමට එක්ව ඇති අතර ඉන් 26.9%ක් ප‍්‍රකෝටිපති ව්‍යාපාරික ඩොනල්ඞ් ට‍්‍රම්ප් අනාගත සේනාධිනායකයා විය යුතු යයි පවසා තිබේ.

වර්මොන්ට් ආණ්ඩුකාර බර්නී සැන්ඩර්ස් වෙත හිමිව ඇත්තේ 21.91%ක ප‍්‍රතිශතයකි.  හිලරි ක්ලින්ටන්ට සෙබළුන්ගෙන් 11.17%කගේ කැමැත්ත පළවී ඇත.

මේ අතර ඇමරිකානු නාවික හා ගුවන් හමුදා සාමාජිකයින්ගෙන් බහුතරයක් සැන්ඩර්ස් වෙත කැමැත්ත පළ කර ඇති අතර මැරීන් බලකාය 30%ක වැඩි ඡුන්දයකින් ට‍්‍රම්ප් අනුමත කර තිබීම විශේෂත්වයකි.

ඇමරිකාව ලොව විශාලතම හා බලවත්ම හමුදාව කරන බව ට‍්‍රම්ප් පවසා ඇති අතර රාජ්‍යතාන්ත‍්‍රික විසඳුම් කෙරෙහි ප‍්‍රමුඛත්වය දක්වන බව සැන්ඩර්ස් පවසා තිබේ.

1