එයා එන කොමිටිවලට මම නැහැ

එක්තරා කටසැර රාජ්‍ය ඇමැති සයිස් මහත්තයෙක් ඉන්නව. මුන්නැහේ කට ඇරියම හතර අතටම වනන පොරක්. පළාත ඌව… හැබැයි කට තිබුණට මේ පාරත් ආවෙ ජාතික ලැයිස්තුවෙන්…

කොහොම හරි උන්නැහේ ආණ්ඩුවට දායක වෙච්ච බුලත් කොළ පාටියේ ලොකු පාලන කොමිටි පාලක මණ්ඩල හැම එකකම වගේ ඉන්නව… ඒත් එයා මෑතක ඒ මණ්ඩල කොමිටි කිසිවක තිබුණ රුස්වීම්වලට ගියේ නැහැ.

ඉතින් මේක අධ්‍යයනය කරන දේශපාලන සගයෙක් කතා කරල ඇහුව ඇයි මචං උඹ කිසිම මණ්ඩලේකට කොමිටියකට එන්නෙ නැත්තෙ කියල… ලොක්කත් එක්ක මුකුත් අප්සෙට් එකක්ද කියලත් ඇහුව…

“අනේ නැහැ මචං… මම ඉන්නෙ ලොක්කා නිසා නෙවේ අර අහවල් ලොක්කි නිසායි. පහුගිය දවසක වේදිකාවේදී මම එයාට හොඳට නෙලුව. ඉතින් එයා ඔය හැම කොමිටියටම එනවනේ, මම ආවොත් ඕවයෙ වාඩුව ගන්න මම අල්ල ගන්නවනෙ. ඒකයි මම එන්නෙ නැත්තෙ. බැරිවෙලාවත් මම ආවම මට බැන්නොත් මටත් බණින්න වෙනවානෙ. ඒකෙන් අප්සෙට් එක ලොක්කටනේ. ඒ නිසා එයා එන කොමිටිවලට මම නෑ ඕන්…..”  කියල රාජ්‍ය ඇමැතිතුමා මාරැ වුණා.

qw

deshaya