සිරියාවෙන් හමුදා ඉවත් කර ගැනීමෙන් රුසියාවට එරෙහි සම්බාධකවල වෙනසක් නෑ

තමන් සිරියාවෙන් හමුදා ඉවත්කරගැනීමට කටයුතු කරන බවට රුසියාව සිදුකළ ප‍්‍රකාශය හේතුවෙන් ඔවුනට එරෙහිව ඇමරිකාව විසින් පණවා ඇති සම්බාධකවල වෙනසක් සිදු නොවන බව යුරෝපීය හා යුරේසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඞ් පවසා ඇත.

ඇය පවසා ඇත්තේ සිරියාව හා යුක්රේනයේ තත්වය ඇමරිකාව විසින් වෙන වෙනම අවධානයට ලක්කරන බවයි.

යුක්රේනයේ තත්වයේ වෙනස්කම් යුක්රේනය තුළ සිදුකරන ක‍්‍රියාකාරකම් මගින් නිරීක්‍ෂණය කරන බව පවසා ඇති නූලන්ඞ් ඇමරිකාව විසින් සම්බාධක පණවන ලද්දේ යුක්රේනය තුළ සිදුකළ මැදිහත්වීමට බව පවසා තිබේ.

ඇය මේ අදහස් දක්වා ඇත්තේ සිරියාවෙන් හමුදා ඉවත්කරගන්නා බව පවසමින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් කළ ප‍්‍රකාශයක් පිළිබඳ අදහස් දක්වමිනි.

ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරියගේ ප‍්‍රකාශය ඇමරිකාවේ යුක්රේන තානාපති වැලරී චැලිගේ ප‍්‍රශංසාවට ලක්ව ඇත.

චැලී පවසා ඇත්තේ එම ප‍්‍රකාශය විසින් ඇමරිකාව සෘජුවම යුක්රේනයට සහයෝගය පළ කර සිටි බවයි.

නැගෙනහිර යුක්රේනයේ හටගත් රාජ්‍ය විරෝධී ගැටුම් රුසියාව විසින් මෙහෙයවන බව ඇමරිකාව හා වෙනත් යුරෝපා රාජ්‍යයන් විසින් චෝදනා කළ අතර ඊට එරෙහිව රුසියාවට සම්බාධක වට කිහිපයක්ම පැණවීමට කටයුතු කරන ලදී.

gf