ISIS ම්ලේච්ඡත්වයේ නවතම වීඩියෝවක් එලියට

ISIS ඉස්ලාම් රාජ්‍ය ත‍්‍රස්තයන්ගේ ක‍්‍රෑරත්වය විදහා දැක්වෙන නවතම වීඩියෝවක් එම ත‍්‍රස්තයන් අන්තර්ජාලයට මුදාහැර තිබේ.

තම සංවිධානය සම්බන්ධයෙන් ඔත්තු බැලූවේ යැයි චෝදනා කරමින් ඉරාකයේ, ෆලූජා නගර වැසියෙකු අමානුෂික ගෙල සිඳ ඝාතනය කරන මෙම වීඩියෝව ඉස්ලාම් රාජ්‍ය ත‍්‍රස්තයන්ගේ ම්ලේච්ඡුත්වය තවත් තීව‍්‍ර කරන්නක් බව විදෙස් වාර්තා පවසයි.

පසුගිය මාස කිහිපය පුරා ෆලූජා නගරය වෙත ක‍්‍රමයෙන් ළඟා වන ඉරාක රජය වෙත ඔත්තු සැපයූවේ යැයි පවසමින් ෆලූජා මූලික රෝහලේ ලිපිකරුවෙකු ලෙස සේවය කරන මොහොමඞ් මහමූද් ඩෙයිහ් මෙසේ ඝාතනයට ලක්කර තිබේ.

එම වීඩියෝවට අනුව, දණ ගසාගෙන සිටින මෙම පුද්ගලයාගේ ගෙල වටා පුපුරණ ද්‍රව්‍ය පිරවූ වයරයක් බඳින ආකාරය දැක්වෙයි.

පසුව, එම පුපුරණ ද්‍රව්‍ය පිරවූ වයරය පුපුරා හරින දසුනක් සමග එම පුද්ගලයා ගෙල සිඳී බිම වැටී සිටින ම්ලේච්ඡු දසුන් පෙළ එම වීඩියෝවේ ඉදිරිපත් වෙයි.

මෙය ඉස්ලාම් රාජ්‍ය ත‍්‍රස්තයන් තම ලේ පිපාසිත ක‍්‍රෑරත්වය විදහා දක්වන එක් අවස්ථාවක් පමණකි. ඔවුන් තමන්ගේ ඇදහිල්ලට හෝ තම මතයට විරුද්ධව යන ඕනෑම අයෙකුට ලබාදෙන එකම ඉරණම මෙවැනි ම්ලේච්ඡු මරණයක් පමණක් බවද විදෙස් වාර්තා කියයි.

2(2219) 3(1382) 4(809) 5(510)