බ්රේක් එක ඇල්ලුවම රෝද නවතිනවා

“අනේ මම අද චෙක්අප් එකට හොස්පිටල් ගියානෙ, මගේ බ්ලඩ් රිපෝට් එකේ පොඩි අවුලක් තියෙනවලු… බ්ලඩ් වල ලේ තියෙනවලු.” ඔන්න ඔය වගේ කතන්දරත් අපි අහලා තියෙන එකේ, මෑතකදී පුංචි තිරේ කාර්මික ශිල්පියෙකුට වෙච්ච සිද්ධියක් ආරංචි වුණා.

ඔහුට ඉන්නවලු අවුරුදු 12ක විතර පාසල් යන පුතෙක්. කාලෙක ඉඳලා පුතා තාත්තගෙන් සයිකලයක් ඉල්ලනවලු, ඒත් එහෙම ගන්න තරම් ඔහුට ලොකු වත්කමක් තිබිලා නැහැ. කොහොම හරි මේ කතාව ආරංචි වෙච්ච ඔහුගේ කලා ලෝකෙ හිතවතෙක් කොළඹින් හොඳ බයිසිකලයක් අරන් දීලා. බයිසිකලය ගෙදර ගෙනාපු වෙලාවෙ ඉඳන් පුතාට ඉවසිල්ලක් නැහැලු ඒක පදිනකන්. ඒත් ඉතිං වින්කලයකට ගිහිං හොඳ සර්විස් එකක් කරන්නෙ නැතිව පදින්න දෙන්න බැහැනෙ. ළඟම තියෙන සයිකල් වින්කලේට පුතා එක්කම ගියාලු සර්විස් කරගන්න. වින්කල් අයිතිකරුගේ නම නිමල්.

“නිමල් කොහොමද භාණ්ඩෙ, නියමයිනෙ?”

“ඔව් ඔව් හොඳයි ඉතිං…”

“ඇයි නිමල් හොඳයි ඉතිං, කිව්වේ. මොනවා හරි අවුලක්ද බයික් එකේ, ඔහු කලබල වුණා.”

“අවුලක්මත් නෙවෙයි, හැබැයි ඉතිං එක ප්‍රශ්නයක් තියෙනවා. පොඩ්ඩක් පරෙස්සමින් පදින්න කියන්නකො.”

“මොකද්ද, මොකද්ද අවුල, කියන්නකො.”

“මම කිව්වනෙ ලොකු අවුලකුත් නෙවෙයි. බ්‍රේක් එක ඇල්ලුවම රෝද නවතිනවා…”

hh

deshaya