පාන් රු.4න් ඉහළ යයි

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාන් රාත්තලක මිල ඉහළ නංවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පැවසුවේ ඒ අනුව පාන් රාත්තලක මිල අද(21) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 04කින් ඉහළ නංවන බවයි.

ඒ අනුව රුපියල් 54ක්ව තිබූ පාන් රාත්තලක මිල අද මධ්‍යම රාත්‍රීයේ සිට 58 වන බව සඳහන්ය.

කෙසේ වෙතත් පාන් මිල ඉහළ දැමීමේ තීරණය සම්බන්ධයෙන් විරෝධය පළ කරන බවත්, ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා අද දෙරණ සමග ප්‍රකාශ කළේය.

 

mk