ලංකාව පරදා කොදෙව්වන් ජයගනියි

පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති තරගයේ පන්දුවාර 18.2ක් අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 127 ක් ලබා ගනිමින් ජය වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණි.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයෙ ලකුණු 122ක් පමණි.

ඒ අනුව අද(20) තරගය ජය ගැනීමට නම් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු  123ක ඉලක්කයක් හඹා යාමට සිදු විය.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම  සහභාගී වූ පළමු තරගයෙන් ජය හිමි කර ගත්තේ එංගලන්ත කණ්ඩායම පරාජයට පත් කරමිනි.

ඒ අනුව සුපිරි දස දෙනාගේ වටයේ  පළමු කාණ්ඩයෙන් පෙරමුණ ගැනීමට කොදෙව් කණ්ඩායම මේ වන විට සමත්ව තිබේ.

 

y6