මැදින් පුර පසළොස්වක පොහොය අදයි

මැදින්පුර පසළොස්‌වක පොහොය දිනය අද (22) ට යෙදී ඇත.

බුද්ධත්වයෙන් පසු පළමු වරට බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ උපන් බිම වූ කිඹුල්වත්පුරයට වැඩම කිරීම අද වන් පොහෝ දිනයකය.

බුදුරජාණන් වහන්සේගේ කිඹුල්වත්පුර ගමනේදී නන්ද කුමරු සහ රාහුල කුමරු පැවිදි කිරීම ද සිදු කෙරිණි. ශාක්‍ය සහ කෝලීය දෙපිරිස නියෝජනය කරමින් තවත් බොහෝ පිරිසක් ද බුදු සසුනේ පැවිදි වීම මැදින් පුර පසළොස්වක පොහෝ දිනයේදී සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.

මේ අතර අදට යෙදී තිබෙන මැදින් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් රට පුරා සෑම විහාරස්ථානයකම පාහේ ආමිස සහ ප‍්‍රතිපත්ති පූජා සංවිධාන කර තිබේ.

ලෝකවාසී බෞද්ධ ජනතාවට මැදින් පුර පොහෝ දිනය අතිශයින් ම වැදගත් දිනයකි.

1