සංහිඳියාව ඇති කරන්න මූලික විය යුත්තේ පාසලයි

ජාතික සංහිඳියාව ඇති කිරීම සඳහා මූලිකත්වය ගත යුත්තේ පාසල බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ දරුවන්ට ඒ සඳහා ප්‍රධාන වගකීමක් පැවරී ඇති බවයි.

ශ්‍රී ලංකාවේ පාසල් ශිෂ්‍ය නායක නායිකාවන් වෙනුවෙන් අරලියගහ මන්දිරයේ අද(21) පැවැති විශේෂ වැඩසටහනකදී ජනාධිපතිවරයා මේ පිළිබඳ අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය පාසල් ජිවිතයේ අත්දැකිම් පිළිබඳව ද සිහිපත් කළේය.

එම අවස්ථාවට එක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ අධ්‍යාපන කලාප මට්ටමින් ශිෂ්‍ය නායක කේන්ද්‍රයක් බැඟින් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බවයි.

j