විජේවීරගේ පිළිරුවක් හමුවෙයි

මල්වතුහිරිපිටිය පොලිස් බල ප‍්‍රදේශයට අයත් අඹගස්පිටිය ප‍්‍රදේශයේ කන්දක ගල් ගූහාවක තිබී ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායකයකු වු අභාවප‍්‍රාප්ත රෝහණ විජේවීර මහතාගේ රූපයට සමාන වු ලී පිළිරුවක් තිබී ප‍්‍රදේශවාසියකුට හමුවී තිබේ.

ප‍්‍රදේශවාසියකු පොලීසියට කරන ලද දැනුම් දීමට අනුව මල්වතුහිරිපිටිය පොලිස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක මහතාගේ උපදෙස් මත එය පොලීසිය භාරයට ගැනීමට පියවර ගෙන ඇති අතර මෙම පිළිරුව, පිළිකුත්තුව පුද බිමේ කටයුතු කරන පුරාවිද්‍යා නිලධාරීන්ගේ පරීක්ෂාවට ද ලක්ව ඇත.

එහිදී මෙය වසර 25 කට පමණ පැරණි පිළිරුවක් බවට තහවුරුවී තිබෙනවා.කිසියම් කෙනෙකු එම පිළිරුව ගල්ගුහාවේ සගවා ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

colgrabbed-frame-3181657743_4090431_21032016_sis_cmy