රිතූගේ යාළු පෙම්වතාගේ පළහිලව්ව

වරෙක බැණුම් අසමින්ද වරෙක අනුකම්පාව දිනා ගනිමින්ද උතුම් පැතුම් හි වරුණි ලෙස ප්‍රේක්ෂක හදවත් වෙත සමීප වු ඇය මේ දිනවල කාසී වත්තේ චුක්කී ලෙස නැවත කතබහට ලක් වෙයි. මේ චුක්කී ඔබ හඳුනා ගන්නේ නව පරපුරේ තාරකාවක වන රිතු ආකර්ෂා ලෙසයි.

රිතු මේ දවස් වල මොකද වෙන්නේ?

මේ දවස් වල උතුම් පැතුම් හැරුණාම කාසී වත්ත කියලා අලුත් ඩ්‍රාමා එකක් පටන් ගත්තා. එහි චුක්කි කියන මුඩුක්කු පරිසරයක හැදෙන අහිංසක නමුත් කාටකාර කෙල්ල තමයි මම.

කටකාර නපුරු චරිත වලට අධ්‍යක්ෂවරු ඔබවම හොයන්නේ ඇයි?

වරුණි වගේ ටිකක් කටකාර ටිකක් නපුරු වුණත් මුල්ම නාට්‍යයේ සිට මෙතෙක් ලැබුණු චරිත එකිනෙකට වෙනස්. ඒ නිසා මම ඒකාකාරී නිළියක් කියලා කොහෙත්ම කියන්න බැහැ.

වරුණි තරම් ඔබත් ටිකක් ආඩම්බර නපුරු චරිතයක් කියලයි අපට ආරංචියි?

ඒ කතාව නම් අමූලික බොරුවක්. කවදාවත් මම හිතන්නේ නැහැ කවුරුවත් මට ඔය කතාව කියනවා ඇතියි කියලා. මම සැහැල්ලුවෙන් සතුටින් අනෙක් අය එක්ක ගනු දෙනු කරන කෙනෙක්. ඉතින් අහිංසක නොවෙන්න පුළුවන් හැබැයි නපුරු නම් නැහැ.

වරුණි නිසා මේ දවස් වල වැඩිපුර බැනුම් අහනවා ඇති?

බැනුම් අහන අවස්ථා තියෙනවා.

හැබැයි දැන් ලැබෙන ප්‍ර‍තිචාර එක්ක මිනිස්සු අර ගතානුගතික බොළඳ පෙම්වතියට තිබුණු කැමැත්ත වෙනස් වෙලා ටිකක් දඟකාර කටකාර පෙම්වතියට දැන් කැමැතියි වගේ.

රිතුට සැබෑ ජීවිතයෙත් අයිති නොවන කෙනකුට එහෙම ආදරයක් ඇති වුණොත්?

එහෙම වුණත් ආදරය කියන්නේ පරිත්‍යාගශිලී දෙයක් නේ. ඉතින් එයා සතුටින් ඉන්නවා දැකලා මම තනියම සතුටු වෙයි.

ඒ කියන්නේ ආදරේ වෙනුවෙන් ජිවිත කාලෙම තනි වෙන්නත් සූදානම්?

වෙන කෙනෙකුට හිත ගියොත් එහෙම නොවෙන්න පුළුවන්. නමුත් මං කොහොමත් තනියම ඉන්න කැමැති කෙනෙක් නිසා බොහෝ දුරට තනියම ජීවිතය ගත කරයි.

රිදී තිරයට රිතු ට තවම වරම් නොලැබුණේ ඇයි?

ලැබුණා. නමුත් අද කාලේ හොඳ චිත්‍ර‍පට බිහි වෙනවා අඩුයි. කරනවා නම් හරි දෙයක් කරන්න ඕනේ. ෆේල් වෙන්න මම කැමැති නැහැ.

ඔබ මෙතෙක් කළ නිර්මාණ සාර්ථකයි කියලද ඔය කියන්න හදන්නේ ?

ඔව්. අනිවාර්යෙන්ම.

නව පරපුරෙ නිළියන් අතර ඔබත් දැන් කලින් කලට කතා මවන්නියක් වෙලා ?

පහු ගිය කාලේ ඇක්සිඩන්ට් එක මුල් කරගෙන එක එක මඩ ප්‍ර‍චාර ගියා මිසක් ඒ හැරුණම වෙනත් කිසිම කතාවක් නම් මට හැදිලා නැහැ.

ඔබට හොඳින්ම විශ්වාසද?

මෙහෙමයි මාව දන්න කට්ටිය දන්නවා. අනික අද කාලේ කට කතා හැදෙන්නේ කිසිම පදනමක් ඇතිව නෙමෙයිනේ. යහළුවෙක් එක්ක ඉන්නවා දැක්කත් හිතන්නේ පෙම්වතා කියලා. ඇත්තටම රංගන ශිල්පිනියකට නම් දැන් කටකතා කියන්නේ පොදු දෙයක් වෙලා.

රිතු හිත ගිය කෙනෙක් තවම නැහැයි කියලද කියන්නේ?

හ්ම්ම්… හිත ගිය අය ඉන්නවා. නමුත් සබඳතාවයකට යන්න මම සූදානම් නැහැ.

හිත ගිය කෙනා එක්ක සබඳතාවයක් ගොඩනාඟන්න බැරි හේතු ඇති ?

ආදරේ ඇති වෙලා තියෙනවා නමුත් ඒ වැරැදි වෙලාවක වැරැදි පුද්ගලයකුට. ඉතින් එවැනි සබඳතාවයක් ගොඩනැගෙනවාට මම කැමැති නැහැ.

t