පොලිසියට තර්ජනය කළ චතුරට නඩු

පොලිස්‌ නිලධාරියකුට බැණ තර්ජනය කළ සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න මහතාට එරෙහිව රාගම පොලිසිය ඊයේ (24* මීගමුව ප‍්‍රධාන මහෙස්‌ත‍්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරනු ලැබුවා.

2015 සැප්තැම්බර් 14 දා රාගම පොලිස්‌ ස්‌ථානයට ඇතුළු වී සේවයේ නිරතව සිටි උප පොලිස්‌ පරීක්‍ෂක බණ්‌ඩාර නමැත්තාට බැණ තර්ජනය කර සාපරාධී බිය ගැන්වීම ඇතුලූ චෝදනා දෙකක් යටතේ සැකකරුට එරෙහි මීගමුව ප‍්‍රධාන මහෙස්‌ත‍්‍රාත්වරයා හමුවේ චෝදනා ගොනුකර ඇති අතර සිද්ධියට අදාළව ඔහු මේ වන විට ඇප මත මුදාහැර තිබෙනවා.
aaa