ඇපල් බෑ කියන කේතනය බිඳීමට FBI වෙත ඊශ‍්‍රායල සහය

සැන් බර්නැන්ඩිනෝ සිදුවීමේ ප‍්‍රහාරකයකුට අයත් ඇපල් අයිෆෝනයක රහස් කේතනය බිඳීම සඳහා ඊශ‍්‍රායල ඩිජිටල් ආරක්‍ෂණ සමාගමක් වන සෙලිබ‍්‍රයිට් විසින් FBI වෙත සහය දෙමින් සිටින බව වාර්තා වේ.

ඊශ‍්‍රායල මාධ්‍ය විසින් මේ බව වාර්තා කර ඇති අතර මෙය අදාළ ජංගම දුරකථනයට අදාළව ත්‍ඊෂ හා ඇපල් සමාගම අතර පැවති අධිකරණ සටන වෙනත්ම මාවතකට හැරීමක් වනු ඇත.

ඩිජිටල් වෝහාරික විiා ක්‍ෂේත‍්‍රයේ ගෝලීය ප‍්‍රමුඛයකු ලෙස සැලකෙන සෙලිබ‍්‍රයිට් සමාගම මේ පිළිබඳ තහවුරු කර නොමැති නමුත් සමාගම හා ඇමරිකානු මධ්‍යම බුද්ධි කාර්යාංශය අතර 2013 සිට දත්ත නිස්සාරණය කරගැනීම සඳහා වන ගිවිසුමක් පවතින බවට අනාවරණය වීම සමග මෙම පුවත විශ්වාස කළ හැකි බව විචාරකයින්ගේ අදහසයි.

අධිකරණ නියෝගයක් හරහා සැන් බර්නැන්ඩිනෝ වෙඩික්කරුගේ අයිෆෝනය ඇපල් සමාගම හරහා නිරාවරණය කරගැනීම FBI ආයතනයේ පළමු උත්සහයවූ අතර එහිදී සිය පාරිභෝගිකයන්ගේ දත්ත ආරක්‍ෂාව වෙනුවෙන් පෙනී සිටින බව එම ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කළ ඇපල් ප‍්‍රධාන විධායක ටිම් කුක් පවසන ලදී.

දෙපාර්ශ්වය අතර තවත් නඩු වාරයක් සඳහා දින නියම කර තිබුණත් රාජ්‍ය නොවන තෙවන පාර්ශ්වයක් අයිෆෝනයේ කේතනය බිඳ දැමීමට ඉදිරිපත්වී සිටින බව පවසමින් නඩුව කල් දැමීමට FBI ආයතනය ඉල්ලීමක් කර ඇති බව පැවසේ.

සෙලිබ‍්‍රයිට් සමාගම අයිෆෝනයේ කේතනය බිඳීමට සමත්වුවහොත් ඇපල් සමාගමට ඉන් සිය නිෂ්පාදනය පිළිබඳ වෙළඳපොළ විශ්වාසය බිඳවැටීමේ ගැටළුවක් මතුවනු ඇති බව විචාරක අදහසයි.

bh