රාජිත මෛත‍්‍රීටත් උඩින් යයි

සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාටත් උඩින් ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ සේවකයෝ පවසති.

විශේෂයෙන් සිරිසේන මහතා සෞඛ්‍ය ඇමැතිව සිටි සමයේ අමාත්‍යාංශය පත්කරන ලද නිලධාරීන් රැසක් මේ වන විට සේනාරත්න මහතා විසින් ඉවත් කර ඇති බවත් අමාත්‍යාංශ අක‍්‍රමිකතා වැළැක්වීම සඳහා අනුගමනය කළ ක‍්‍රියා පටිපාටි ද වෙනස් කර ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.

මීට පෙර අවස්ථාවක ඇමැතිවරයා රාජ්‍ය ඖෂධ නියාමන අධිකාරියේ සභාපති ලාල් ජයකොඩි සහ ක‍්‍රිෂාන්ත වීරසූරිය යන මහත්වරුන්ට ඉල්ලා අස්වීමට බල කළේය. මෙම නිලධාරීන් ඖෂධ පනත සැකැස්මට මූලික වූ නිලධාරීන් වූ අතර ඖෂධ මාෆියාව වැළැක්වීමේ දී දැඩිව කටයුතු කරනු ලැබූ බව ද අමාත්‍යාංශ සේවකයන් පෙන්වා දෙයි. මෙම නිලධාරීන් ඉවත් කිරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා නිසා නැවත ඔවුන් සේවයේ පිහිටුවීම ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලැබීය. එහෙත් එම නිලධාරීන්ට තවදුරටත් එම අධිකාරිය තුළ සේවය කිරීමට බාධා එල්ල වී ඇති බව දැන ගැනීමට තිබේ. එහෙත් ඒ සම්බන්ධයෙන් අමාත්‍යාංශ නිලධාරීන් සමඟ වූ සාකච්ඡුාවක දී සේනාරත්න මහතා එම අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත් කරන බවට තර්ජනය කළ බව ද සේවකයෝ සඳහන් කරති. කෙසේ නමුත් ඇමැතිවරයාගේ ක‍්‍රියා කලාපය සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ලිඛිතව දැනුම් දීමට පියවර ගෙන ඇතැයි ද දැනගන්නට ඇත.

අත්තනෝමතික ස්ථාන මාරුවීම් හා නීති විරෝධී පත් කිරීම් හරහා නියාමනයකින් තොරව ඖෂධ ගෙන්වීමටත් අමාත්‍යවරයාගේ හිතවතුන්ට ඖෂධ ජාවාරමට ඉඩකඩ සැලසීමට අවස්ථාව ලබා දීමට රාජිත සේනාරත්න මහතා කටයුතු කරන බව එකී ලිඛිත දැනුම් දීම්වලින් අවධාරණය කර ඇත.

aq

– දයා නෙත්තසිංහ