ලිිංගික රුචි අරුචිකම් ගැන මැසිවිලි රැසක්

තම ලිංගික රුචි අරුචිකම් පිළිබඳව බොහෝ දෙනා මැසිවිලි නගමින් සිටින බව ලිංගික චර්යා චිකිත්සක සෙලෙස්ටේ හර්ෂ්මන් පවසයි.

ඕනෑම යුවලක ලිංගික අවශ්‍යතා තෘප්ත කළ හැකි විසඳුම් නොපැවතුණත් තම ලිංගික චර්යාවන් පිළිබඳ ගැටළුකාරී තත්වයන්ට මුහුණදෙන පුද්ගලයන් තමන් වැනි චිකිත්සකවරුන් හමුවීම මගින් දෙදෙනාගේ රුචි අරුචිකම්වල ඇති පොදු සාධකයන් සොයාගෙන එමගින් ගැටළු විසඳිය හැකි බව ඇය පවසා තිබේ.

මේ අතර තමන් වෙත පැමිණෙන යුවල් ඉදිරිපත් කරන ඉතාමත් සුලභ ගැටළු කිහිපයක්ද ලිංගික චිකිත්සකරුවන් විසින් ඉදිරිපත් කර ඇත.

එයට අනුව ලිංගිකව හැසිරීමෙන් පසු එය කිසිදු තෘප්තියක් නොමැති ක‍්‍රියාවක් ලෙස කාන්තාවන්ට වැටහී යාම ප‍්‍රධාන ගැටළුවක් බව ඔවුහු පවසති.

ලිංගික තෘප්තිය යනු සුරතාන්තය එළඹෙන තුරු රමණය පමණක් ලෙස ඇතැමුන් වටහා ගන්නා නමුත් එය රසායනික ක‍්‍රියාවක් හෝ වැඩක් නිසි පරිදි කිරීමකට වඩා පැතිරුණු සැහැල්ලූ බව, සහසම්බන්ධතාවය හා අන්‍යොන්‍ය රැකවරණය වැනි විශාල පරාසයක විහිදෙන බව ලිංගික චිකික්සක ලින්ඩා සැවේජ් පවසයි.

එමෙන්ම ලිංගික සබඳතාවය අසාර්ථක වීමෙන් අනියම් ඇසුරකට පෙළඹීමද සුලභ ගැටළුවක්වී ඇති අතර කාන්තාවට සුරතාන්තය අහිමි කරවන ක්‍ෂණික මෝචනයද මෙවැනි අසාර්ථක වීම් සඳහා ප‍්‍රබල හේතුවක් බව පැවසේ.

චිකිත්සක ඉයන් කර්මර් පවසන්නේ මේ සඳහා ප‍්‍රතිකාරයක් නොවූවත් විවිධ උපක‍්‍රමයන් අනුගමනය කිරීමෙන් තත්වය සමනය කරගැනීමේ අවකාශ පවතින බවයි.

ii