මේ පාස්කු ඉරිදාවයි

යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මරණයෙන් පසු නැවත උට්ඨානය වීම සිදුවු පාස්කු ඉරිදා දිනය අදයි.

මරණයෙන් නැවත නැඟිටීම සහ එතෙර වීම තුළින් දේව රාජ්‍ය ස්ථාපිත කිරීමට ක්‍රිස්තුස් වහන්සේ මගපාදා දුන් බව කිතුණු බැතිමතුන්ගේ විශ්වාසයයි.

මිනිස් ජීවිතයට විමුක්ති ලබාදුන්  ක්‍රිස්තුස් වහන්සේගේ දුක්විඳීම, මරණය සහ උට්ඨානය සිහි කිරීම මෙම දින කිහිපයේ දී ලොව පුරා කිතුණු බැතිමතුන් විවිධ ආගමික වැඩසටහන්වල නිරත වේ.

ලොව කිතුණු බැතිමතුන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අසීමිත වු පරිත්‍යාගශීලීත්වය පිළිඹිබු කරන පාස්කුව සමරනු ලබන්නේ මනුෂ්‍යත්වය අතික්‍රමණය කොට දේවත්වයට පැමිණීමට තරම් උන්වහන්සේගේ අතිමහත් කැපවීම පූජනීය වීම හේතුවෙන් බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පාස්කු මංගල්‍ය උත්කර්ෂවත් බව රැඳී ඇත්තේ මිනිසා අන්‍යයන් කෙරෙහි දක්වන  ආදරය, දයාව සහ ගෞරවය මත බව පාස්කු දිනය වෙනුවෙන් සුබපැතුම් එක් කරන ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

 

vf