බාමියාන් බුදු පිළිම විනාශය

මධ්‍යම ඇෆ්ගනිස්තානයේ බාමියාන් ප්‍රදේශයේ වසර 1500ක පමණ කාලයක් මුළුල්ලේ විවෘත ගුහා තුල වැලි ගල් වලින් නෙළා තිබූ විසල් ප්‍රතාපවත් හිටිවන බුදු පිළිම ලෝපතල ප්‍රසිද්ධියක් දැරුවේ එහි පැවති සුවිශේෂී අංග ලක්ෂණ සහ ලොව විශාලතම පිළිම වීම හේතුවෙන්.
හය වන සියවසේ බාමියාන් ප්‍රදේශයේ ජීවත් වූ බෞද්ධ භික්ෂූන් විසින් නෙළන ලද මෙම හිටි පිළිම මීටර් පනස් තුනක් උසට නැගී සිටියේ එවකට සේද මාවතේ චීනය සහ බටහිර යා කෙරුණු ආගමික සිද්ධස්ථානයක් බවට පත් වෙමින්.
කෙසේ වෙතත් ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක අන්තවාදී මුස්ලිම් කැරලිකාර කණ්ඩායමක් වන තාලිබාන් සංවිධානයේ නායක මුල්ලා ඕමාර් විසින් 2001 වසරේ දී ලොව ඓතිහාසික වටිනාකමකින් යුතු බෞද්ධ සහ අනෙක් ආගම් වලට අයත් සිද්ධස්ථාන සහ පිළිම විනාශ කර දමන ලෙස සිය කැරලිකාර කණ්ඩායම් වලට අණ ලබා දුන්නේය.
Image copyrightBBC World Service
බාමියන් ප්‍රදේශයේ බලය අල්ලා ගත් තාලිබාන් සටන් කරුවෝ බුදු පිළිම පුපුරුවා හැරීමට පුපුරන ද්‍රව්‍ය ඔසවාගෙන යාමේ කර්තව්‍යට යොදා ගනු ලැබුවේ එම ප්‍රදේශයේ ජීවත් වූ වැසියන් බලහත්කාරයෙන් වහල් සේවයේ යෙදවීමෙනි.
සිය ජීවිතය බේරා ගැනීමේ පරමාර්ථයෙන් බුදු පිළිම විනාශ කිරීමට තාලිබාන් සටන් කරුවන්ගේ අණ පිළිපැදීමට සිදු වූ සෙයිඩ් මිර්සා හුසේන් නමැති බාමියන් ප්‍රදේශවාසියෙක් බීබීසි ලෝක සේවයේ ‘විට්නස්’ වැඩසටහනට සිය අත්දැකීම් විස්තර කිරීමට ඉදිරිපත් විය.
මුල්ලා ඕමාර් ගේ අණ ක්‍රියාත්මක කළ තාලිබාන් කැරළි කණ්ඩායම් ප්‍රථමයෙන්ම කාලතුවක්කු ගුවන්යානා නාශක ප්‍රහාර යොදා ගනු ලැබුවත් බාමියාන් බුදු පිළිම බිම හෙළීමට ඔවුන් අසමත් විය.
පසුව ටොන් ගණනක ඩයනමයිට් බුදු පිළිම යටට ගෙන යාමට ඔවුන් ප්‍රදේශවාසීන් යොදා ගනු ලැබීය.

k

බීබීසි සිංහල