තවත් 109ක් හිස් අතින් එති

මැදපෙරදිග ගෘහ සේවය සඳහා ගිය කාන්තාවන් 109 දෙනෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් දිවයිනට ගෙන්වා තිබේ.

ගෘහ සේවය සඳහා ගොස් විවිධ හිරිහැරවලට මුහුණ පෑ පුද්ගලයින් පිරිසක් මෙලෙස අද පෙරවරුවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත්වීමෙන් මෙරටට ගෙන්වූ බව වාර්තා වෙයි.

වීසා කාලය ඉක්ම වීම, ගිවිසුම් ගත රැකියාව නොලැබීම, විවිධ ශාරීරික හිංසන වලට ලක්වීම ඇතුළු ගැටළු රැසකට මුහුණ පෑ කාන්තාවන් ඔවුන් අතර වන බව සඳහන්ය.

ඔවුන් අම්පාර, කුරුණෑගල, අනුරාධපුර, පොලොන්නරුව, සහ මඩකළපුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තා වෙයි.

දිවයිනට පැමිණිමෙන් අනතුරුව ඔවුන් නිවෙස් වෙත පිටත් කර යැවීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කර ඇත.

gh