මහ බැංකු අධිපති රටට කරයිද ?

මහ බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාට සිය සිංගප්පූරු පුරවැසිභාවය ආරක්‍ෂා කර ගැනීම සඳහා ආණ්‌ඩුව 19 වැනි සංශෝධනය හරහා අවස්‌ථාව සලසා දී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා  වරෙක පැවසීය.

“1978 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 9 වන පරිච්ඡේදයේ 54 වැනි වගන්තියේ සඳහන් වනවා. නීතිපතිවරයා ද, යුද හමුදාවේ, නාවික හමුදාවේ, ගුවන් හමුදාවේ සහ පොලිස්‌ හමුදාවේ ප්‍රධානියෝ ද ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් හෝ ලිත නීතියකින් හෝ නියමිත සියලු රජයේ නිලධරයෝ ද ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන බව ඒ වගේම එම ව්‍යවස්‌ථාවේ 61 වැනි වගන්තියේ සඳහන් වනවා මේ පරිච්ඡේදයේ සඳහන් පත්වීම් කරන කොට ශ්‍රී ලංකා ජනරජයට පක්‍ෂපාතී වන බවට දිවුරුම් දිය යුතු බව.

මුදල් පනතේ 12-1 වගන්තියට අනුව මහ බැංකු අධිපතිවරයා පත් කළ යුත්තේ ජනාධිපතිවරයායි. එහෙම නම් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 61 වැනි වගන්තියට අනුව මහ බැංකු අධිපතිවරයාත් තමන්ගේ රාජකාරිය ආරම්භ කරන්න කලින් ශ්‍රී ලංකා ජනරජයට පක්‍ෂපාතී වන බවට දිවුරුම් දිය යුතුයි.

එහෙත් ලංකාවේ වත්මන් මහ බැංකු අධිපති ධුරයට පසුගිය වසරේ ජනවාරි 27 වැනිදා පත් වූ අර්ජුන් මහෙන්ද්‍රන් මහතා සිංගප්පූරු ජාතිකයෙක්‌. සිංගප්පූරුවේ පුරවැසිභාවය ලබාගනිද්දී ලබාදෙන දිවුරුමේ තියෙනවා සිංගප්පූරු ජනරජයට හැර වෙනත් කිසිම ජනරජයකට පක්‍ෂපාතී නොවන බව.මේ නිසා යම් හෙයකින් අර්ජුන් මහෙන්ද්‍රන් ශ්‍රී ලංකා ජනරජයට පක්‍ෂපාතී වන බවට දිවුරුම් දුන්නොත් ඔහුට සිංගප්පූරුවේ පුරවැසි බව අහිමි වීමට එය හේතුවක්‌ වනවා. ඒ නිසා අර්ජුන් මහේන්ද්‍රන් මෙහෙ දිවුරුම් දුන්නේ නෑ. එය මේ රටම දන්න කාරණයක්‌.”

මේ පාර්ලිමේන්තු මන්ත්‍රී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මහ බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාගේ පුරවෑසි කෑරෑට්ටුව පිළිබදව හෙළිදරව්කල අයුරෑයි. ඔබ සියලු දෙනාටම තේරුම් කර දිය යුතු කරුනක් ඈත.මහ බැංකුව යනු අපේ රටේ මුදල් පිළිබදව මුලිකම වගකීම් ගෙන කටයුතු කරන තෑනක්.එහි පරිපාලන කටයුතු සදහා විදේශයකින් එනම් සිංගප්පූරුවෙන් ගෙනා පුද්ගලයෙකුට සියලු බලතල පවරා ඈත. ඔහු අපේ රටේ ආර්ථිකය හසුරුවන්නාය. නමුත් ඔහු විදේශ ජාතිකයෙකි. ආරුඩ කරගත් ලාන්කික පුරවෑසි කමකින් කටයුතු කරන මොහු අපේ රටේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරනු ඈති බවට බොහෝ දෙනා විශ්වාසකලේ යහ පාලන නායකයින්ගේ කතා නිසාය.

යහ පාලනය තුල ඔහු ඉතා වෑදගත් පුද්ගලයෙකු ලෙස ජනතාව ඉදිරියේ පාරම් බෑ යහ පාලන නායකයින් ජනතාව ඉදිරියේම කුජීත වී ගියේ මහ බැංකු බෑදුම්කර වංචාව නිසාය. එයත් හතර අතේ අතගා සියල්ල සුපිරිසිදුයි සුකුමොලයි ලෙස ජනතාවට පෑහෑදිළි කරන්නට උත්සාහ දෑරීය. දෑන් වන විට ඩොලරයේ ගාණ දෑරිය නොහෑකි තරම් උඩට ගොස් ඈත.
අපේ රටේ ආර්ථික තත්වයද වර්තමානය වන විට ඉතා අයහපත්ය.

මේ ආර්ථික අවපාතය කෙරෙහි මහ බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් වෙතද චෝදනා එල්ල වී තිබේ. ඒ නෑතත් ඔහු මේ තත්වයට වගකිව යුතුය. ඔහුට ලබා දී ඈති තනතුරේ වගකීම සමග අපේ රටේ ආර්ථිකය කෙරෙහි ඔහුට එල්ල කල හෑකි බලපෑම් සුලුපටු නොවන නිසාය.

අපේ රටේ ප්‍රධාන මුදල් පාලක වරයෙක් වන ඔහු අමුතු සෙල්ලමක යෙදී සිටිනවාද යන්න සොයා බෑලිය යුතුය. අපි කඩයක් කරනවා නම් එහි මුදල් කටයුතු භාර දෙන්නේ තමන්ට වෑඩියෙන්ම විශ්වාස පුද්ගලයා වෙතටය.බණ්ඩාගේ පුතා හොදට ඉගෙන ගෙන පිට රට යනවා කියා කෑ මොර දුන් යහපාලන දේශපාලකයින්ට අපේ රටේ නිදහස් අධයාපනයෙන් උගත් අපේ එකෙකු මහ බැංකු අධිපති කමට සොයා ගෑනීමට නොහෑකිවීම පුදුමයකී.

බලලා මෑටියෙන් වුව මීයන් අල්ලනවානම් කම් නෑත. නමුත් විදෙස් පුරවෑසි ලංකාවේ මහ බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් යාල සවාරිය නම් වෙලාවට යයි. රටේ ආර්ථික තත්වය පිළිබදව නම් ඔහුට ගාණක්වත් නෑති හෑඩයි.
ඔහුට විශේෂ ආරක්ෂාව සහ පහසුකම් සමග ඔහු විදින සුර සෑප වලට වියදම් වන මුදල් ජනතාවගේ දෑතේ කරගෑට වලින් ඉපයු මුදල්ය.
ඔහුගේ සියුමෑලි දෑතට හසුවෙන පෑන්තුඩෙන් බිලියන ත්‍රිලියන ගණන් මුදල් වියහියදම් වෙද්දී රටේ ජනතාව බලා සිටින්නේ නිකටට තබා ගත් අතින් අනේ අපොයි යයි සිතමින්ය.

මෑති ඈමතිවරුන් ලක්ෂයේ පඩියට කෙදිරි ගාමින් ඒයත් මදියි පවසන විට යහ පාලනය වෙනුවෙන් කඩේ ගිය ජනතාව දෑන් සිටින්නේ පටි තද කරගෙනය. ඔවුන් යහ පාලනයක් ගෑන සිතුවේ මේ අයුරින් නොවන බව නම් පෑවසිය යුතුය.

g