ISIS පැවතීමට නම් තුර්කි, කටාර්, සවුදි, ඇමරිකානු සහය අත්‍යවශ්‍යයි

සිරියානු රජයේ හමුදාවන් විසින් ඓතිහාසික පැල්මයිරා නගරය මුදාගැනීමට සමත්වූ බවට වාර්තා පළවීම සමග සාම්ප‍්‍රදායික ප‍්‍රහාරයකට මුහුණදීමට ත‍්‍රස්තවාදීන්ට නොහැකි බව තහවුරු වී ඇති බව උපායමාර්ග විශේෂඥ ග්‍රෙගරි ආර්. කොප්ලි පවසා ඇත.

සිරියානු හමුදාවේ කාන්තාරයේ ගිජුලිහිණියෝ ඒකකයේ අණ දෙන නිලධාරියකු මාධ්‍ය වෙත පවසා ඇත්තේ දින 3ක සටන් වලින් අනතුරුව යුනෙස්කෝ ලෝක උරුම නගරය යළි අත්පත් කරගැනීමට හැකිවූ බවයි.

මෙතරම් කාලයක් පවා ඒ සඳහා ගතවුනේ මග දිගට බිම් බෝම්බ අතුරා තිබීම නිසා බවද ඔහු පවසා තිබේ.

මේ පිළිබඳ අදහස් දැක්වූ කොප්ලි පවසා ඇත්තේ රුසියානු හා සිරියානු ගුවන් හමුදා සහය මත සිරියානු හමුදාවන් විසින් සිදුකරන සාම්ප‍්‍රදායික පන්නයේ මෙහෙයුමකට මුහුණදීමට ISIS සංවිධානයට නොහැකි බව මින් පැහැදිලි වන බවයි.

එමෙන්ම රුසියාවේ මැදිහත්වීම මත සිරියානු හමුදාව නැවත බලවත්වී ඇති බවට මේ හරහා ප‍්‍රබල පණිවුඩයක් සෙසු රාජ්‍යයන් වෙත සම්පේ‍්‍රෂණය කරන බවද ඔහුගේ අදහසයි.

ඒ අනුව තුර්කිය විසින් පාබල හමුදා මෙහෙයුමක් සිදුකිරීමට පෙර ඒ පිළිබඳව යළි සිතා බැලීමට පෙළඹෙනු ඇතැයි ඔහු පවසා තිබේ.

ISIS ත‍්‍රස්තවාදයට සිය කටයුතු පවත්වාගෙන යාමට නම් තුර්කිය, කටාර්, සවුදි අරාබිය හා ඇමරිකාව වැනි රාජ්‍යයන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය වන බවද ග්‍රෙගරි ආර්. කොප්ලි පවසා ඇතැයි වාර්තා වේ.

 

65