හූවෙ රහස

බුලත් කොළ පාටියෙ ලොක්කො ගම සංවිධානය කරන්න තියාපු රුස්වීම් ගණනාවක ආරවුල් ඇති වුණා. සමහර තැන්වල හූ හඬත් මතු වුණා… ඉතින් ඔය විදියට පහුගියදාක ගාල්ල දිස්ත්‍රික්කෙන් තිබුණ රුස්වීම් ගණනක ගාල ගෝට්ටි තිබ්බා…

සමහර රුස්වීම්වල ආරවුල් වැඩි වුණ නිසා කථිකයො කතා නොකරම මාරැ වුණා… ඉතින් ගාල්ල පැත්තෙ එක්තරා ආසනේක තිබුණ එක රුස්වීමක හූ හඬ එක්ක විවිධ දේවල්වලින් වේදිකාවට දමල ගහන්නත් පටන් ගත්ත. පළාතෙ මන්තිරි හැටියට ඉන්න උප ඇමැති සයිස් මහත්තය කොපමණ එපා කිව්වත් සද්ද බද්ද ඝෝෂාව නැවතුනේම නැහැ. හරියට නන් ස්ටොප් සින්දුවක් වගේ. බැරි තැන රුස්වීම කැන්සල් කළ ලොකු ලොක්කො ආරක්ෂාව ඇතුව යන්න ගියා. ඊට පස්සෙ එතන හිටිය අරවයින් ඇඟ රත් කර ගත්ත පාක්ෂිකයො කිව්ව කතාව අහපු සමහරැ පුදුමයට පත් වුණාලු… එයාල කිව්වෙ මෙහෙමයි…

“මචෝ… නියමෙට වැඩේ වුණා…” කෙනෙක් කිව්ව…

“ඒ වුණාට අපේ පක්ෂයෙ ලොක්කන්ට හූ කිව්ව එක කැතයි බන්..” අනෙක විරෝධය පළ කළා.
“ඉතින් අපි මොනව කරන්නද මනුස්සයෝ… මේ රුස්වීම කැඳවපු මිනිහමනේ මේ “හූවත්” ලෑස්ති කළේ…”
අන්තිමට අපි තමයි නරක උන් උන් හොඳයි…
ඔන්න ඔය විදියටයි “හූවෙ රහස” හෙළිවුණේ.

q2

deshaya