පෙම්වතා විසින් වදුරඹ දැරියක් දූෂණය කොට ගෙල කපා මරා දැමේ

වදුරඹ පිටිහරාව ප‍්‍රදේශයේ තේ වත්තකදී 17 හැවිරිදි දැරියකගේ සිරුරක් ගෙල කපා ඝාතනය කර තිබියදි හමුවුනා.

දැරියගේ පෙම්වතා විසින් මෙලෙස ඇය ඝාතනය සිදු කරන්නට ඇති බවට සැකකරන බවයි පොලිසිය පැවසුවේ.

දැරිය සැකකාර තරුණයා සමග දීර්ඝ කාලයක සිට පේ‍්‍රම සබඳතාවයක් පවත්වා ඇති බව විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

ඝාතනය වීමට පෙර දැරිය දූෂණය වී ඇති බවයි වාර්තාවන්නේ.

සැකකරු මේවන විට ප‍්‍රදේශයෙන් පලාගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කි‍්‍රයාත්මකයි.

murder-girl-cutneck a