කණු ගලවන්න කියලා නියෝජ්‍ය ඇමති වාහනය උඩ උපවාසයක

පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය අමාත්‍යවරයා අද (12) සිය නිළ රථය නවතා ඒමත නැගී විරෝධතාවක් ඉදිරිපත් කළා.
ඒ ගිරිඋල්ල මීරිගම ප‍්‍රධාන බස් මාර්ගයේ මීරිගම කඳන්ගමුව ප‍්‍රදේශයේ කාපට් මාර්ගය තුළ ඇති දුරකථන කණු වහා ඉවත් කරන්නැයි ටෙලිකොම් ප‍්‍රධානීන්ට බල කිරමින්.

අනුරාධපුරයේ සිට නැවත කොළඹ එන අතරමගදී මහ මග ඇති දුරකථන කණු දැකීමෙන් පසුවයි අමාත්‍යවරයා එසේ එම ස්ථානයේදීම සිය විරෝධතාවය පළ කළේ.

අනතුරුව ටෙලිකොම් ප‍්‍රාදේශීය කාර්යාලයේ නිළධාරීන් පැමිණ එළැඹෙන 20 වැනිදා එම කණු නිවැරදි ස්ථානවල ස්ථාපනය කරන බවට පොරොන්දු වී තිබෙනවා.
මෙම දිනවල සේවකයින් උත්සව සමය හේතුවෙන් නිවාඩු ලබන බැවින් එලෙස ක්‍රියා කිරීමට සිදු වන බවයි ඔවුන් අමාත්‍යවරයාට පවසා තිබෙන්නේ.
එහෙත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ එය කල් තැබිය හැකි කයුත්තක් නොවන බවයි.
උත්සව සමයේ මෙම මාර්ගය භාවිත කරන මහජනතාව අනතුරට ලක්විය හැකි බව පැවසූ අමාත්‍යවරයා කල් නොයවා එ් මොහොතේම මෙම කණු ඉවත් කරන ලෙසට නිළධාරීන්ට දැනුම් දුන්නා.

කෙසේවෙතත් එම සාකච්ඡාවෙන් අනතුරුව ටෙලිකොම් නිළධාරීන් එම ස්ථානයෙන් පිටත්ව ගොස් තිබෙනවා.

අමාත්‍යවරයා එම ස්ථානයේ තවදුරටත් රැඳී සිටිමින් පැවසුවේ මෙම ගැටලුව සම්බන්ධව ඉහල නිළධාරීන් දැනුවත් කර තත්වය නිවැරදි වනතෙක් එහි රැඳී සිටින බවයි.
2016-04-12-Palitha-Thewarapperuma-5-614x1024
2016-04-12-Palitha-Thewarapperuma-1-1024x614