සමාජීයීය සහ ආර්ථික දියුණුවට එක්ව කටයුතු කරමු- අගමැති

“සුභාශිංසන පණිවුඩය

ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන, මානව ගරුත්වය සුරකින, සංස්කෘතික විවිධත්වය අගයන එක්සත් ජනතාවක් ලෙස මෙම සිංහල දමිළ අලූත් අවුරුද්ද සමරන්නට හැකි වීම ලක්වැසි අප සැම ලද භාග්‍යයකි.
භාග්‍යවන්ත බක් මාසයේ මහත් උත්කර්ශයෙන් සමරන සූර්ය මංගල්‍යය සොබාදහම සහ මනුෂ්‍යයා අතර පවතින අන්‍යෝන්‍ය සබැඳියාව අර්ථවත් කරන, හිරු ප්‍රමුඛ සොබාදහමට කෘතවේදිත්වය පුද කරන, ජාතික සමඟිය සහෝදරත්වය ඔප් නංවන මහා සංස්කෘතික මංගල්‍යයකි. නව සිතුම් පැතුම්, අධිෂ්ඨානයන් සමඟ ජීවිතය අලූත් කර ගන්නට ලැබෙන කදිම අවස්ථාවකි.
දැන් සැමට නිදහසේ අවුරුදු සැමරිය හැකි පරිසරයක් රට තුළ ගොඩනැංවී තිබේ. ඒ සඳහා කැපවුණු සැමට ස්තුතිය පුද කරන්නටද මෙය අවස්ථාවක් කර ගනිමි.
දිනා ගත් නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැක ගැනීමටත්, සමාජයීය සහ ආර්ථික දියුණුව ගොඩනංවන ඉදිරි සංවර්ධන වැඩපිළිවෙල සමඟ එක්ව කටයුතු කිරීමටත් අලූත් අවුරුද්දේ අදිටන් කර ගනිමු.
සමස්ත ලක්වැසි ජනතාවට සාමය සතුට පිරි සෞභාග්‍යමත් නව වසරක් වේවා යි ප්‍රාර්ථනා කරමි.

රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍ය”

sw