මුදුවට නව මුහුණුවරක්

මුදුව යනු බොහෝ දෙනා තම අතැඟිලිවල පලඳින ආභරණයකි. ඇතැම් අය පුරුද්දක් වෙනුවෙන් මුදු භාවිත කරන අතර, ඇතැම්හු එම මුදුව බැඳීමක් වෙනුවෙන් භාවිත කරති. එම සංකල්පයට නව මුහුණුවරක් ලෙස Isabell Kiefhaber නම් ජර්මානු කාන්තාව නව නිර්මාණ පෙළක් ඉදිරිපත් කර තිබේ.

ඇය විසින් නිර්මාණය කර ඇති මෙම මුදු අලෙවි කරනු ලබන්නේ www.etsy.com වෙබ් අඩවිය ඔස්සේය. මෙම වෙබ් අඩවිය ඔස්සේ ලෝකයේ අධිකම මිල සහිත මුදු අලෙවි කරනු ලබයි.  Isabell විසින් නිර්මාණය කර ඇති සාමාන්‍ය මුදුවක වශයෙන් ආරම්භක මුදල වන්නේ ඇමෙරිකානු ඩොලර් 99.99 සිටය.

එය ලංකාවේ මුදලින් රුපියල් 10,000කටත් අධික මුදලකි. මුදු මෙන්ම ඇය විසින් පෙන්ඩන්ට් වර්ගද නිර්මාණය කර ඇති අතර, ඒවාද ඇමෙරිකානු ඩොලර් 66.9 සිට විකුණුම් මිල ආරම්භ කරනු ලැබෙයි.

Isabell විසින් මෙම නිර්මාණය සිය දෑතින්ම නිම කරන බව සඳහන් වෙයි. මූලික වශයෙන් ඇය සිය පෞද්ගලික ආශාව වෙනුවෙන් මෙම නිර්මාණ සිදුකරන බව සඳහන් වෙයි. ඇය බොහෝ විට මේ සඳහා ප්ලාස්ටික් වැනි ද්‍රව්‍යයක් සියුම් කරමින් මෙම ආභරණ තනයි.

ඇය මේ අමුද්‍රව්‍ය පිළිබඳව මහජනයාට නොකීවද එම ද්‍රව්‍ය පිළිබඳව ඇති තත්ත්ව සහතිකය ඇය අන්තර්ජාලයට එක්කර ඇති බව සඳහන් වෙයි. මෙම මුදු පැලඳ සිටිමේදී චර්ම රෝග වැනි රෝග වැලඳීමේ හැකියාව තිබෙන බවට චෝදනා එල්ල වුවත් ඇය එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි. කෙසේ වෙතත් ඇගේ මෙම නිර්මාණ අද වනවිට ලෝකයේ බොහෝදෙනා අතර ජනප්‍රියත්වට පත් ආභරණයක් වී ඇති බවද කිවයුතුය.

2de97b3951b0409f067b696c3d390f6977903-smallv2-316147 a1-tiny-miniature-scenes-jewelry-by-german-artist-isabell-kiefhaber e2f07b2bbb47ccbaa4279f304680f747 miniaturerings-3 miniature-worlds-inside-jewelry-isabell-kiefhaber-11 miniature-worlds-inside-jewelry-isabell-kiefhaber-germany-6 miniature-worlds-inside-jewelry-isabell-kiefhaber-germany-10 MTM3MzE0MzQ3ODgwODE3ODMy scaled_full_4703420af5a11000a2b0

Small-worlds-inside-jewels-by-Isabell-Kiefhaber-16-1