යහපත් වෙනසකට යොමුවීම අවශ්‍යයි

නව අවුරුදු උදාවත් සමග සියලු දෙනාගේ මෙතෙක් පැවැති අඩුපාඩු නිවැරදි කර ගනිමින් යහපත් සමාජයක් ගොඩනැගීමට අධිෂ්ඨානයෙන් කටයුතු කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

බෞද්ධ දර්ශනය මගින් පෙන්වා දෙන පරමාදර්ශයන් මත කටයුතු කරමින් නව අවුරුදු උදාවත් සමග යහපත් වෙනසකට යොමුවීම අවශ්‍ය බව ජනාධිපතිවරයා පෙන්වාදෙයි.

හඟුරන්කෙත, මාදන්වල රජමහා විහාරස්ථානයේ අද පැවැති හිස තෙල් ගෑමේ උත්සව අවස්ථාවකට එක් වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ රටක සෑම ජන කොටසක්ම සහජිවනයෙන් ජිවත්වීමේ වැදගත්කම බෞද්ධ දර්ශනය තුළින් ප්‍රකට කරන බවයි.

ඒ අනුව සංස්කෘතික සම්ප්‍රදායන් රැකගෙන සියලුදෙනා එක්ව රට සංවර්ධන කිරීම වැදගත් වන බව ද ජනාධිපතිවරයා එහිදී පැවසීය.

t