රාජපක්ෂලාගේ ණය ගෙවන්න වැට් බද්ධ වැඩිකරනවා – ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය

පසුගිය රජය සමයේ සිදු කෙරුණ ආර්ථික යටිතල පහසුකම් දියුණු කිරීම් ආර්ථික ආදායම් මාර්ග බවට පත් නොවීම හේතුවෙන් ඒ සඳහා ලබාගෙන ඇති ණය මුදල් නැවත ගෙවීමට සිදුව ඇත්තේ මේ රටේ ජනතාවට බව ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු භාර නියෝජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා පවසා ඇත.

ඔහු මෙසේ පවසා ඇත්තේ පසුගිය අපේ‍්‍රල් පළමු වනදා සිට කි‍්‍රයාත්මක කිරීමට නියමිතව තිබූ නමුත් තාවකාලිකව අත්හිටුවන ලද වැට් සහ ජාතිය ගොඩනැගීමේ බද්ද හෙවත් එන්.බී.ටී. සඳහා සිදුකෙරුණු බදු සංශෝධන මැයි මස 02 වෙනිදා සිට කි‍්‍රයාත්මක කරන බව මුදල් අමාත්‍යංශය ඊයේ (15) නිවේදනය කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

කෙසේ නමුත් මෙම බදු සංශෝධනවලට අනුව වැට් බද්ද 15% දක්වා වැඩිකෙරෙනු ඇත.

වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 12ක් වන තොග හා සිල්ලර වෙළෙඳාම වැට් බද්දට යටත් වන අතර මෙතෙක් වැට් බද්ද අය නොකෙරුණු විදුලි සංදේශ සේවා, සෞඛ්‍ය සේවා සහ නිවාස ව්‍යාපෘති නොවන වෙනත් ඕනෑම ව්‍යාපෘතියක් සඳහා සිදුකරන භාණ්ඩ හා සේවා සැපයුම් සඳහා ද මැයි 02 වෙනිදා සිට වැට් බද්ද අයකෙරෙනු ඇත.

මේ සම්බන්ධයෙන් බීබීසි පුවත් සේවය කළ විමසීමට පිළිතුරු ලබා දෙමින් නියෝජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා ඇත්තේ, පසුගිය පාලන සමය තුළ සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා වැය කරන ලද මුදල් ප්‍රමාණය විශාල මට්ටමක වීම සහ දූෂණ සහ වංචා දැනට උද්ගත වී ඇති අර්බුදයට හේතු වී ඇති බවයි.

අප්‍රියෙල් පළමු වෙනිදා පටන් වැට් බද්ද වැඩි කිරීමට තීන්දු කර තිබුණත් එය ප්‍රමාද කෙරුණේ මහජනයාට වැඩි බරක් පැටවීමට ආණ්ඩුව අකැමැති නිසා බවත් 2015 ජනවාරි 08 වෙනිදා ජයග්‍රහණයෙන් අනතුරුව ආණ්ඩුව ජනතාවට සහන සැලසීමක් සිදු කළත් පසුගිය ආණ්ඩුව විසින් විවිධ ආයතන හරහා ගනු ලැබ ඇති විශාල ණය ප්‍රමාණයන් පිළිබඳව හෙළිදරව් වීමත් සමඟ මෙවැනි ක්‍රියා මාර්ගයකට යාමට සිදු වූ බවයි.

ty

sathhada