ඉක්වදෝරයේ භූ කම්පනයෙන් 41ක් මරුට

ඉක්වදෝරයේ සිදුවු ප්‍රබල භූ කම්පනයෙන් පුද්ගලයින් 41 දෙනෙකු මියගොස් තිබේ.

රිච්ටර් මාපකයේ ඒකක 7.8ක ප්‍රබලත්වයෙන් යුතු අදාළ භූකම්පනය එරට වේලාවෙන් ඊයේ රාත්‍රී 7.00ට පමණ සිදුව තිබුණි.

ඉක්වදෝර අගනුවර වන ක්විටෝ හි සිට කිලෝමිටර් 173ක් පමණ දුරින් වූ වෙරළබඩ ප්‍රදේශයක පොලොව අභ්‍යන්තරයේ කිලෝමිටර් 19ක් පමණ ගැඹුරින් වූ ප්‍රදේශයක භූ කම්පනය හටගෙන ඇති බව සඳහන්ය.

භූකම්පනයත් සමඟ පැසිපික් මුහුද ආශ්‍රිත රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇගවීම් ද නිකුත් කෙරුණු අතර මේ වන විට එය ඉවත් කර ඇති බව වාර්තා වෙයි.

භූකම්පනය හේතුවෙන් ඉක්වදෝරයේ ගොඩනැගිලි රැසක් කඩා වැටී ඇති අතර එරට ප්‍රාන්ත 06කට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශ කර තිබේ.

56