2018දී විදුලි අර්බුදයක්!

2018දී විදුලි අර්බුදයක් ඇති විය හැකි බව විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා  පවසයි.

මෙගාවොට් 500ක හිඟයක් 2018දී ඇති විය හැකි බව ඒ මහතා සඳහන් කරයි.

කෙසේ වුවද ඊට මුහුණදීම සඳහා දැනටමත් අවධානය යොමුකර ඇති බවද, සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය කරන බලාගාර 3ක් නැගෙනහිර පළාතේ ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා කියයි.

අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

මේ අතර එම මාධ්‍ය හමුවට එක්වූ විදුලිබල ඇමති රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ දකුණු පළාතේ විදුලි අස්ථායිතාවයක් ඇති බවයි.

එයට විසඳුමක් ලෙස ගාලු වෙරළේ තාපබලාගාරයක් ඉදිකිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම කීවේය.

g