ක්‍රොඒෂියාවේ ජනපතිනියගේ බිකිණි ඡායාරූප බොරුවක්

ක්‍රොඒෂියාවේ ජනපතිනියගේ බිකිණි ඡායාරූප ලෙස පසුගිය කාලයේ අන්තර්ජාලය පුරාවටම ප‍්‍රසිද්ධියට පත්වූ ඡායාරූප ඇයගේ නොවන බව අනාවරණය වෙනවා. 47 හැවිරිදි කොලින්ඩා ග‍්‍රාබර් 2015 වසරේ තේරී පත්වුන ක්‍රොඒෂියාවේ 4 වන ජනාධිපතිනියයි. ඇය මුහුදු වෙරළක බිකිණියකින් සැරසී සිටින ඡායාරූප පෙලක් යැයි පවසමින් පසුගිය කාලයේ බොහෝ මාධ්‍ය පලකර තිබුන ඡායාරූප වල සැබෑ හිමිකාරිය වන්නේ කොකෝ ඔස්ටින් බවයි දැන් හෙළිවී තිබෙන්නේ.
37 හැවිරිදි කොකෝ ඔස්ටින් ඇමරිකානු නිළියක් මෙන්ම නිරූපිකාවක් වනවා. ඇය විවාහ වී සිටින්නේ ඇමරිකානු රැප් ගායක Ice-T සමගයි. මොවුන් දෙදෙනාගේම පෙනුම බොහෝ දුරට එකහා සමාන බැවින් වරදවා වටහාගත් පැපරාසී කණ්ඩායම් ඒවා ක්‍රොඒෂියා ජනපතිනියගේ බවට සදහන් කරමින් පලකොට තිබුනා. මෙම ඡායාරූප පලවීමෙන් පසුව බොහෝ දෙනා කොලින්ඩා ජනපතිනියව හැදින්වූයේ ලොව සරාගිතම ජනපතිනිය ලෙසයි.

2009 වසරේදී කොකෝ ඔස්ටින් ඇයගේ සැමියා වන Ice-T සමග මයාමි මුහුදු තීරයේ කාලය ගතකරමින් සිටින අතරතුර ඔවුන්ව දුටු පැපරාසීන් මෙම ඡායාරූප ගෙන තිබෙනවා. මෙම  ඡායාරූප අන්තර්ජාලයේ පලකර තිබුනේ ක්‍රොඒෂියානු ජනපතිනියගේ අලුත්ම පෙම්වතා යන මාතෘකාව යටතේයි.

කොකෝ ඔස්ටින්ගේ 2009 වසරේ ලබාගන්නා ලද ඡායාරූප

ice-t-coco-bustiness maxresdefault u