පාතදුම්බර සංවිධායක ඉල්ලා අස්වෙයි

පාතදුම්බර එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක හරීන්ද්‍ර දුනුවිල මහතා එම ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.

ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදුන් බව  හරීන්ද්‍ර දුනුවිල මහතා පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ එක්සත් ජාතික පක්ෂ රජයේ රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙසද කටයුතු කර ඇති ඒ මහතා මහනුවර නගරාධිපති ලෙසද කටයුතු කර තිබේ.

කෙසේ වෙතත් පසුගිය මහමැතිවරණයේදී පර්ලිමේන්තු වරම් නොලද හරීන්ද්‍ර දුනුවිල මහතා පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයක් හෝ පළාත් සභා මන්ත්‍රීධුරයක් හෝ නොමැතිව තම ඡන්ද දායකයින් හට නිසි සේවයක් සැලසීමට අවස්ථාවක් නොලැබීම තම ඉල්ලා අස්වීමට ප්‍රධාන වශයෙන් හේතු වූ බවයි.

සංවිධායක ධුරය හැරුණු විට කිසිදු නිල බලයක් නොමැති වීම හේතුවෙන් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව නියෝජනය කිරීමට ද තමාට අවස්ථාව නොලැබෙන බව ඔහු පවසයි.
තම වයසද සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වීමේ තීරණයට හේතු වූ බව පවසන හරීන්ද්‍ර දුනුවිල මහතා පෙන්වාදෙන්නේ ධූරයෙන් ඉවත් වුවද එක්සත් ජාතික පක්ෂය සමඟ ඉදිරියටත් එක්ව කටයුතු කරන බවයි.

1