අමුඩ සම්මාන

ප්‍රවීණ කලාකරුවන් දෙදෙනෙක් එක්තරා සම්මාන උළෙලකදී හමුවුණේ සෑහෙන කාලෙකට පස්සෙ. ඒ කාලෙ වගේ නෙවෙයි, දැන් එකට රඟපාන අයට වුණත් නිදහසේ කතා කරන්න අවස්ථා ලැබෙන්නෙම නැති තරම්. උත්සවය අවසානයේ දෙදෙනාම කතා කළේ සම්මාන සඳහා තෝරා ගන්නා ක්‍රමවේදවල තියෙන අවුල් ගැන. විශේෂයෙන්ම ටෙලිනාට්‍ය සම්මාන ගැන තමයි අවධානය යොමු වුණේ.

“දැන් බලන්න අපි මෙගා නාට්‍යවල මොනතරම් හොඳ චරිත රඟපෑවත් ඒවා කවදාවත් සම්මානවලට නිර්දේශ වෙන්නෙ නැහැනෙ” එක් නළුවෙක් කිව්වා.

“අද සම්මාන ගන්න නම් කරන්න තියෙන්නෙ අමුඩයක් ගහගෙන කරත්තයක් දක්කගෙන යන චරිතයක් කරන එක. සම්මානය දෙන්නෙ රංගනයට නෙවෙයි අමුඩයට කියලා ළඟදි අපේ යාළුවෙකුත් කිව්වා” අනෙක් ශිල්පියා කිව්වලු.

“මට නම් අමුඩෙත් එපා සම්මානයත් එපා, මේ කර්මාන්තයට යහපතක් වෙනවානම්”

ww

 

 මිත්‍ර