ගීතා විසිවෙයි – අලුතින් 10 ක්

බෙන්තර – ඇල්පිටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ගීතා කුමාරසිංහ මහත්මිය එම ධුරයෙන් ඉවත් කිරතිබෙනවා.

ඒ වෙනුවට බෙන්තර ආසන සංවිධායක ලෙස හිටපු ප්‍රාදේශීය සභා සභාපති ගයාන් සිරිමාන්න මහතාද ඇල්පිටිය ආසන සංවිධායක ලෙස හිටපු ප්‍රාදේශීය සභා සභාපති අමිල හර්ෂණ කාරියවසම් මහතාද පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අනුව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සඳහා නව ආසන සහ දිස්ති‍්‍රක් සංවිධායකවරු 10 දෙනෙක් අද (28) පත් කෙරුණා.

එම පිරිස අද පෙරවරුවේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්තා.

ගම්පහ දිස්ති‍්‍රක් සංවිධායක ලෙස හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ මුණුපුරෙකු වන ප‍්‍රදීප් ජයවර්ධන මහතා පත් කර තිබෙනවා.

හිරියාල ආසන සංවිධායක ලෙස පත් කෙරුණේ වයඹ පළාත් සභා මන්තී‍්‍ර කමල් ඉන්දික මහතායි.

කොළඹ දිස්ති‍්‍රක් සංවිධායකවරුන් ලෙස බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්තී‍්‍ර ගාමිණි ද සිල්වා මහතා සහ බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පත් වුණා.

කළුතර දිස්ති‍්‍රක් සංවිධායක ලෙස මනුල චමල් පෙරේරා මහතා ද,

ගාල්ල දිස්ති‍්‍රක් සංවිධායක ලෙස පියල් දර්ශන ගුරුගේ මහතා ද,
කෑගල්ල දිස්ති‍්‍රක් සංවිධායක ලෙස නලීන් පුෂ්පකුමාර මහතා ද,
කුරුණෑගල දිස්ති‍්‍රක් සංවිධායක ලෙස තුෂාර තිලකරත්න මහතා ද පත්ව සිටිනවා.

මෙහිදී නව පත්වීම් ලබාගත් සංවිධායකවරුන් අමතමින් ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ ජනතාවාදී නිර්මල දේශපාලනයක් සඳහා සියල්ලන් කැපවිය යුතු බවයි.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රතිපත්තිවලට ගරු කරමින් දූෂණය සහ වංචාව පිටුදකිමින් රට සහ ජනතාව වෙනුවෙන් වූ තම වගකීම් හඳුනාගෙන මනා අවබෝධයකින් යුතුව ඉදිරි දේශපාලන කටයුතු සිදුකරන ලෙසද මෙහිදී ජනාධිපතිතුමා නව ආසන සංවිධායකවරුන්ගෙන් සහ දිස්ති‍්‍රක් සංවිධායකවරුන්ගෙන් ඉල්ලා සිටියා.
ජනාධිපති කාර්යාලයේ දී පත්වීම් පිළිගැන්වීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
f