එජාප වේදීකාවට ගිය රයිනි චාරුකා පසුව කණගාටුවෙයි

එජාප මැයි දින රැළිය පසුගිය දින කොළඹ කැම්බල්පිටියේදී පැවතුණු අතර එහිදී ගීතයක්ගායනාකිරීම සදහා ප්‍රසිද්ධ ගායිකා රයිනි චාරුක එම වේදිකාවට ගොඩ විය.

කෙසේ වෙතත් එම අවස්ථාවට සහභාගීවීම පිළිබඳව ඇය විසින් පසුව සිය ෆේස්ඉක් පිටුවේ සටහනක් තබන ලදී.

රයින් සිය සමාජ ජාල මිතුරු මිතුරියන්ට මේ පිළිබඳව කෙටි පණිවිඩයක් තබමින් පවසා ඇත්තේ කිසිඳු දේශපාලන පක්ෂයකට සහය දීමේ අරමුණක් තමා තුළ නොතිබූ බවත්, සංගීත ප්‍රසංගයක් යැයි සිතා තමා එම වේදිකාවට ගොඩ වූ බවත්ය.

සිදුවීම වෙනුවෙන් ඇය සිය රසික රසිකාවියන්ගෙන් සමාව ඉල්ලීමටද කටයුතු කර තිබුණා.

 

111111