ලංකාව අවතක්සේරු කළ එංගලන්ත පුවත්පත් ලිපිය

ශ්‍රී ලංකාෙව් ක්‍රිකට් කණ්ඩායම අවතක්සේරු කරමින් එංගලන්ත මාධ්‍ය වාර්තා පළවී තබෙනවා.

එම වාර්තා පෙන්වා දෙන්නේ එංගලන්ත කණ්ඩායම ලොව හොඳම ටෙස්ට් කණ්ඩායම බවට පත්වීම සඳහා ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය 3-0 කින් ජය ගත යුතු බවයි.

එරට ටයිම්ස් පුවත්පතට තීරු ලිපියක් ලියමින් එංගලන්තයේ හිටපු නායක මයිකල් ඇතර්ටන් ද ශ්‍රී ලංකාව සමච්චලයට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ.

මහේල ජයවර්ධන සහ කුමාර සංගක්කාරගේ විශ්‍රාම ගැනීමෙන් පසුව ශ්‍රී ලංකාව පල්ලම් බැස ඇති බවයි මයිකල් ඇතර්ටන් එම ලිපියෙන් පවසා ඇත්තේ.

ඇන්ජලෝ මැතිව්ස් හැරුණ විට ශ්‍රී ලංකාවට තවත් දක්ෂ පිතිකරුවකු නොමැති බවත් හොඳම දඟ පන්දු යවන්නා වූ රංගන හේරත්ටද තරුණ කාලයේ මෙන් දැන් විකට් ගන්නට බැරි බවත් ඔහුගේ අදහසයි.

පසුගිය කාලයේ ඉන්දියාව, පාකිස්තානය හා නවසීලන්තය සමග තරගාවලිවලින් පරාජයට පත්ව ඇති ශ්‍රී ලංකාව මෙහි එන්නේ වැඩි සූදානමක් නොමැතිව බව සටහන් කර ඇති මයිකල් ඇතර්ටන් 3-0ක පරාජයක් අත්කරදීම අපට කජු කන්නා වැනි වැඩක් ලෙසයි පෙන්වා ඔවුන් දෙන්නේ.

1