නිවැරදි ආහාර රටාවෙන් හා ව්‍යායාම තුළින් මම මගේ රුව රැක ගන්නවා

පහුගිය කාලෙ මහත් වෙලා හිටිය. දැන් ආපහු සිහින් වෙලා. කොහොමද ඔබ හරි ඉක්මනට කෙට්ටු වුණේ?
ඇත්තටම බබා ලැබුණාම මම කිලෝ 88ක් වුණා. හැබැයි මං නිසි පරිදි එක්සයිස් කරලා කිලෝ 53ට අඩුකරගත්තා ඒ කියන්නේ මට පුළුවන් මට ඕනේ වෙලාවට ඇඟ අඩු කරන්න. මම ආසයි. කියලා හිතුනොත් මට ඕනම දෙයක් කනව, බොනවා. මහත් වෙයිද? බර වැඩිවෙයිද? කියල හිත හිත ඉන්නෙ නෑ. එහෙම හිතන එක මට හරිම මානසික පීඩනයක්. බර්ගර් එකක් වුණත් ආස හිතුනාම කනවා. අයිස්ක්‍රීම් කන්න මම හරිම කැමතියි. ඒ වගේම තමයි මට කෙට්ටු වෙන්න උවමනා නම් මම හොඳට ව්‍යායාම් කරනව. ජොගින් යනවා. එහෙම කරලා ඉක්මනටම ඇඟ අඩුකරගන්න මට පුළුවන්.
ඔබේ කතාවෙන් තේරෙන්නේ නියමිත පරිදි කරන කෑම පාලනයක් නෑ කියන එකද?
දැන් නම් විශේෂ ආහාර රටාවක් තමයි මගේ තියෙන්නේ. ඒ තමයි බබාගෙ ඉස්කෝලෙන් දෙන කෑම මෙනු එක. එයාට දීල තියෙන මෙනු එකට දැන් මමත් පුරුදු වෙලා. කියන්නද? මෙනු එක.
ඔව් කියන්න මොකක්ද ඒ මෙනු එක.
සඳුදට කිරිබත්, අඟහරුවාදාට ධාන්‍ය, බදාදාට බත්, බ්‍රහස්පතින්දාට එළවළු, සිකුරාදට, කැමති දෙයක්, සැන්ඩ්විච්, බර්ගර් වගේ, උදේට මමත් ඒවම කනවා. දවල්ට නම් ව්‍යංජන වැඩිපුර බෙදාගෙන බත් චුට්ටක් කනව. රෑට නම් අඩුවෙන්මයි කන්නේ. ගොඩක් වෙලාවට පලතුරු ටිකක් කනව.
හම පැහැපත්ව තියාගන්න ඔබ කරන විශේෂ ප්‍රතිකාර ගැනත් අපිත් දැනගන්න කැමතියි
හැමෝටම උපතින්ම ගෙනාපු පැහැයක් තියෙනවා. වැදගත්ම දේ උපතින් ලැබුණු පැහැය රැක ගැනීම තමයි වැදගත්. මම නම් සුදු වෙන්න කියල කිසිම ආ‍ලේපනයක් පාවිච්චි  කරන්නෙ නෑ. හැබැයි අව්වට නම් යන්නෙම නෑ. ගියත් Sun Block එකක් පාවිච්චි කරනවා. වාහනේ එළවද්දි අත්දෙක පිච්චෙනවට ජැකට් එකක් අඳිනවා. විශේෂයෙන්ම මගේ රසිකාවියන්ට කියන්න කැමතියි හැම රූපලාවන්‍ය සත්කාරයක්ම එකම බ්‍රෑන්ඩ් එකකින් පාවිච්චි කරන්න කියලා. ඒක හරිම වැදගත් ඒ වගේම මාස 06කට වගේ සැරයක් ෆේෂල් එකක් කරනවා.

ඒ වගේම කෙස් කළඹ ගැනත් කතා කරමු
මම එක පාරක් කොණ්ඩේ කොටටම කැපුවා. බබා ලැබුණ කාලෙදි. දැන් ආයෙමත් දිග කොණ්ඩයක් තියෙනව. ඉණෙන් පහළටම හැමෝම මගේ කොණ්ඩේ ඇදල බලනව. බොරු කොණ්ඩයක්ද කියල මම
Argan oil treatment  එක දිනපතාම කරනව. ඒ වගේම Argan ෂැම්පු, කන්ඩිෂනර් භාවිත කරනවා. කලාකරුවො නිතරම කොණ්ඩෙට වද දෙනවනෙ.  හරියට ප්‍රතිකාර කළොත් තමන්ට උවමනාවක් තියෙනව නම් කොණ්ඩේ වවාගන්නත් ලස්සනට පවත්වාගන්නත් පුළුවන්.
නොකිව්වට සිරුරේ හැඩය පවත්වාගන්න සටන් කලාවත් ප්‍රගුණ කරනව කියල ආරංචියි.
ඇත්තටම මම අජන්ත මහන්තආරච්චි මහත්මයගෙන් අංගම්‍පොර සටන් කලාව ප්‍රගුණ කළා. මේකෙ තියෙන්නේ භාවනාව, සටන්, කෑම බිම, පෞරුෂය
යන අංග 04, ඇතුළත් වුණු අපිටම ආවේණික සටන් කලාවක්. මේ කලාව සිරුරේ හැඩය නම්‍යශීලීත්වය පවත්වා ගැනීමටත් මානසික නිරවුල් බව පවත්වා ගැනීමටත් ගොඩක් උපකාර වෙනව.

w

අනූපමා ඉ‍ලේපෙරුම