ජ්‍යොතිෂවේදියකුගෙන් කුමන්ත‍්‍රණයක් ගැන බුද්ධි අංශවලට ලිපියක් !

වැලිමඩ දිවුරුම්පොල රාජමහා විහාරයේ ඉපැරණි බෝධිය කපා ලී ඉරූ බව කියමින් එහි විහාරාධිපති සහ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතත් ඒ පිටුපස ඉන්දීය කුමන්ත‍්‍රණයක් දියත්වන බවට ජ්‍යොතිෂවේදියකු හා රාවණා ඉතාහාස ගවේශකයකු බව කියන සමීර කසුන් චන්ද්‍රසිරි විසින් බුද්ධි අංශවලට ලිපියක් යවා තිබේ.

බෝධිය කපා දමා ඇති විහාරස්ථාන භූමියේ මීට වසර 5කට පමණ පෙර රාම දෙවොලක් ඉදිකරන්නට ගිය බවද ඔහුගේ ලිපියේ සටහන්ව ඇත.

මෙම විහාරය සහ බෝධිය රාවන-රාම යුද්ධයෙන් පසු සීතා දේවිය විසින් ගිණි සිසිල දැක්වූ ස්ථානය බවට පිළිගැනෙන පුරාවිද්‍යා වටිනා කමකින් යුතු ස්ථානයක් බවද ඔහු කියා සිටී.

අදාළ ලිපිය ඔහු විසින් පොලිස්පති, හමුදා බුද්ධි සේවා ප‍්‍රධානීන්, රාජ්‍ය බුද්ධි සේවා ප‍්‍රධානීන්ට හා පුරාවිද්‍යා කොමසාරිස්වරයාට ද යොමුකර ඇත.

මෙම ලිපිය ඉහත සියළු අය වෙත ලියාපදිංචි තැපෑලෙන් යොමු කර ඇති අතර ඊට අදාල කුවිතාංසියේ පිටපත පහත දැක්වේ.

 

ee