පරිසරයේ ආරක්ෂාව සහ සංරක්ෂණය වෙනුවෙන් නොබියව තීන්දු තීරණ ගන්න

පරිසරයේ ආරක්ෂාව සහ සංරක්ෂණය වෙනුවෙන් නොබියව තීන්දු තීරණ ගන්නා ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊට සම්බන්ධ සියලූ ආයතන ප‍්‍රධානීන්ගෙන් අද (05) ඉල්ලා සිටියා.

ඒ, වායු තත්ත්ව කළමනාකරණය පිළිබඳ හයවන ජාතික සම්මන්ත‍්‍රණයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින්.

එහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ එම තීන්දු තීරණ ගන්නා නිළධාරීන් වෙනුවෙන් පෙනී සිටීමට රජය සෑම අවස්ථාවකම සූදානම් බවයි.

සොබාදහමේ ආරක්ෂාව වෙනුවෙන් අද ගතයුතු තීන්දු තීරණ කිසිසේත් හෙටට කල් දැමිය නොහැකි බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.

sa