පාලිතට සහ රණවීරට පාර්ලිමේන්තු තහනම්

නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර ප‍්‍රසන්න රණවීර යන මහත්වරුන්ට සතියක කාලයක් පාර්ලිමේන්තු රැස්විම් තහනම් කර තිබෙනවා.

ඒ පාර්ලිමේන්තුවේ ඉකුත් (03) වනදා ඇති වු ගැටුම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා හේතුවෙන්.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට කතානායක කරූ ජයසුරිය මහතා විසින්  නියෝජ්‍ය කතානයක තිලංග සුමතිපාල සහ නියෝජ්‍ය කාරක සභා සභාපති සෙල්වම් අඩෙක්කලනාදන් යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කළා.
මේ පිළිබද විමර්ශන සිදුකළ කමිටුවේ නිර්දේශවලට අනුව මෙම තීරණය ගත් බවයි වාර්තා වන්නේ.

ඒ සම්බන්ධයෙන් සකස් කෙරුණු වාර්තාව සහ නිර්දේශ කිහිපයක්ද ඊයේ (04) පස්වරුවේ කතානායක කරූ ජයසූරිය මහතා වෙත කමිටුව විසින් භාරදී තිබෙනවා.

ඒ අනුව හෙට (06) සිට සතියක කාලයක් සිද්ධියට සම්බන්ධ දෙදෙනාට පාර්ලිමේන්තු රැස්වීම තහනම් වනු ඇති.
1