ඇවිද්ද පය කොතෙක්‌ වටී?

ඇවිදීම මගින් තරබාරුබව, දියවැඩියාව, කොලෙස්‌ටරෝල් වැඩි වීම, අධික රුධිර පීඩනය හෘදයාබාධ ආදී බෝ නොවන රෝග ඉතාම හොඳින් පාලනය කර ගත හැකි අතර සංකූලතා ඇති වීමද වළක්‌වා ගත හැකිය. මේ වන විට ඒවා වැළඳී නැති අයට ඒවා ඇති වීම වළක්‌වා ගත හැකිය. ඇවිදීම මගින් ඉහත කී රෝගාබාධ සඳහා ගන්නා බෙහෙත් මාත්‍රාවන් සහ බෙහෙත් වර්ග සංඛ්‍යාවන් පැහැදිලිවම අඩු කළ හැකිය. ඇතැම් විට බොහත් සම්පූර්ණයෙන්ම නවතා දැමිය හැකිය. ඒ තුළින් අතුරු ආබාධ නොමැතිව රුපියල් දහස්‌ ගණනක්‌ රෝගින්ට ඉතුරු කර ගත හැකි අතර රටට රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් ඉතුරු කර ගත හැකිය.

අපේ පැරැන්නන් කීවේ ඇවිද්ද පය දහස්‌ වටී කියාය. ඒ කාලයේ රුපියල් දහසක්‌ යනු සිතා ගත නොහැකි තරම් වටිනාකමක්‌ තිබුණු විශාල මුදලකි. ඇතැම් විට මෙම කියමන සෑදුණු වකවානුවේ භාවිතා වූ මුදල් ඒකකය කහවනු වන්නටද ඉඩ ඇත. එය එසේ වූයේ නම් එහි වටිනාකමද රුපියල් වලින් කියනවාටත් වඩා සිතා ගත නොහැකි තරම් ඉහළ වටිනාකමක්‌ වේ.

නමුත් මේ වන විට රුපියලේ වටිනාකම වසර ගණනාවක්‌ තිස්‌සේ මස්‌තබාල්දු වී අවම මට්‌ටමකට පැමිණ ඇත. එය කොතරම් අවප්‍රමාණ වී ඇතිදැයි කිවහොත් මේ වන විට රුපියල් දහසකට ගෙදරකට අවශ්‍ය සබන් සහ දත් බේත් මිලදී ගන්නටවත් නොහැකිය. එසේනම් ඇවිද්ද පය දහස්‌ වටී යන්න මේ යුගයේ ජනයා අතර කිසිදු හැ`ගීමක්‌ ඇති නොකරන කියමනක්‌ බවට පත් වී ඇත. එය එසේ වුවත් බෝ නොවන රෝග සුනාමියකට අසුව ජනතාව අකාලයේ දුක්‌ වි`ද මිය යන මේ සමයේ ඇවිදීමේ සැබෑ වටිනාකම තවදුරටත් වැඩි වී තිබේ. ඒ අනුව අපේ පැරැන්නන්ගේ එම කියමන නූතන සමාජයේ ජනයා අතර වඩාත් හො`ද හැ`ගීමක්‌ ජනිත කරන අයුරින් සංශෝධනය කර ගත යුතුව තිබේ. එබැවින් අප කියන්නේ ඇවිදිමේ වටිනාකම කියා නිමකරන්නට බැරි බවය.

මේ යුගයේ මෙම අදහස මැනවින් සමාජ ගත කළ යුතු බැවින් අප ඒ ස`දහා වැඩ පිළිවෙළක්‌ සකස්‌ කොට ඇත. අප වසර 5 ක්‌ තිස්‌සේ පවත්වාගෙන යන කඩිසරව ඇවිදීමේ වැඩසටහනේ උද්ධෘත පාඨය බවට පත් කර ගෙන ඇත්තේ මෙම අදහසයි. එහිදී අප මුලින්ම අසන්නා සහ දකින්නා තුළ කුතුහලයක්‌ ඇති වන අන්දමින් ඇවිද්ද පය කොතෙක්‌ වටී? යනුවෙන් ප්‍රශ්නයක්‌ නඟයි. ඊළ`ග වටයේදී අප සිදු කරන්නේ කුතුහලය නැතිවන සහ ප්‍රශ්නය විසෙ`දන ආකාරයෙන් කියන්න බැරි තරම් වටී¾¾ යනුවෙන් දැඩි අවධාරණයෙන් යුතුව පැවසීමයි. මෙම ක්‍රමවේදයෙන් ඉතාම සාර්ථක ප්‍රතිඵල ලබාගනිමින් ඇවිදීමේ වටිනාකම නැවතත් සමාජ ගත කරන්නට අපට හැකි වී ඇත.

ඇවිදීමේ සමාජයේ සාමාජිකයන් වෙනුවෙන් නිර්මාණය කර ඇති ටී ෂර්ට්‌ එකේ පිටු පස ලොකු අකුරෙන් සිංහලෙන් මුද්‍රණය කර ඇත්තේ zzඇවිද්ද පය කොතෙක්‌ වටී? කියන්න බැරි තරම් වටී¾¾ZZ යන්නයි. අප සාමාජිකයන් විසින් ස්‌ත්‍රී පුරුෂ බාල මහලු කිසිදු බේදයකින් තොරව බොහෝ අභිමානයෙන් මෙම ටී ෂර්ට්‌ එක ඇඳගෙන අප වැඩසටහන්වලට පැමිණෙයි. වතුපිටිවල මූලික රෝහලේ අප පවත්වාගෙන යන මව් වැඩසටහනේ සාමාජීකයන් පමණක්‌ නොව දහයකට ආසන්න අප ශාඛා වැඩසටහන්වල සාමාජිකයන් අතර ද එම ටී ෂර්ට්‌ එකට ඇත්තෙA ආකර්ෂණීය ඉල්ලුමකි.

අප කඩිසරව ඇවිදීමේ වැඩසටහන අවසානයේදීද විශේෂඥ වෛද්‍යවරු ඇතුළු එදිනට සහභාගී වූ සියලුම දෙනා විසින් මෙම උද්ධෘත පාඨය දෙවරක්‌ හඬගා කියවයි. ඒ වැඩසටහන පිළිබඳ තිබෙන උනන්දුව, උද්යෝගය කැපවීම, අධිෂ්ඨානය හා අවබෝධය තව දුරටත් ඔප් නංවා ගැනීම සඳහාය.

ඇවිදීම කියන්න බැරි තරම් වටින්නේ ඇයි? යනුවෙන් බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක්‌ ඇති විය හැකි බැවින් ඒ පිළිබඳ තව දුරටත් විමසා බැලිය යුතුය.

මෙම ලිපි මාලාව ආරම්භයේදී ද අප පෙන්වා දුන් පරිදි නූතන සමාජයේ මිනිසුන් ඇවිදීම තබා කිසිම කටයුත්තකට කොයියන්ම ආකාරයකින් හෝ අතක්‌ පයක්‌ සොලවන්නේ නැති සුපිරි කම්මැලියන් රොත්තක්‌ බවට පත් වී ඇත. ඒ නිසා මානව සමාජයට ගෙවන්නට වී ඇති වන්දිය මුදලින් තක්‌සේරු කළ නොහැකිය. දියවැඩියාවේ සිට පිළිකා දක්‌වා වූ බෝ නොවන රෝග වැළඳී අපා දුක්‌ විඳ අකාලයේ මිය යාම එහි එක්‌ පැති කඩක්‌ පමණි. මිනිසාගේ අක්‍රියභාවය නිසා කායික, මානසික, ආධ්‍යාත්මික, සමාජීය, ආර්ථික සහ පාරිසරික වශයෙන් මිනිසාගේ සෞඛ්‍යයේ සියලුම පැතිකඩවල් පිරිහී අගාධයට පත් වෙයි. මිනිසාගේ අක්‍රියභාවය තුළ වර්ධනය වී ඇති අසීමිත ආශාවන් පිනවීම සඳහා මිනිසා සියලු ස්‌වභාවික සම්පත් අධිපරිභෝජනයට ලක්‌ කර ඇති අතර එමගින් මිනිසා අනාගත දූ දරුවන්ගේ පමණක්‌ නොව ගස්‌ වැල්වලද සතා සිවුපාවාගේද සමස්‌ත මිහිකතගේද විනාශයට පාර කපා ඇත.

මෙම සුපිරි කම්මැලිකමෙන් මිදී කායික, මානසික, ආධ්‍යාත්මික සෞඛ්‍යය ඔප් නංවාගැනීම ස`දහා මිනිසාට කළ හැකි හො`දම සහ පහසුම ක්‍රියාකාරකම වන්නේ ඇදීSමයි. ඇවිදීම ස`දහා විශේෂ ස්‌ථානයක්‌, විශේෂ සූදානමක්‌, විශේෂ වේලාවක්‌, විශේෂ ඇ`දුම් පැළ`දුම්, විශේෂ සපත්තු හෝ වෙනත් විශේෂ කිසිවක්‌ අවශ්‍ය වන්නේ නැත. ඇවිදීම ස`දහා ස්‌ත්‍රී පුරුෂ බේදයක්‌ හෝ වයස්‌ බේදයක්‌ද නැත. දිවීම ආදී ව්‍යායාම බොහෝ රෝගී තත්ත්වයන් වලින් පෙළෙන අයට කළ නොහැකි මුත් ඇවිදීම ඒ අයටද කළ හැකිය. එසේ නම් සර්ව සාධාරණ විශ්ව ව්‍යායාමය හෙවත් ශරීර ක්‍රියාකාරකම වන්නේ ඇවිදීම බව ඉතාම පැහැදිලිය.

ඇවිදීම මගින් තරබාරුබව, දියවැඩියාව, කොලෙස්‌ටරෝල් වැඩි වීම, අධික රුධිර පීඩනය හෘදයාබාධ ආදී බෝ නොවන රෝග ඉතාම හො`දින් පාලනය කර ගත හැකි අතර සංකූලතා ඇති වීමද වළක්‌වා ගත හැකිය. මේ වන විට ඒවා වැළ`දී නැති අයට ඒවා ඇතිවීම වළක්‌වා ගත හැකිය. ඇවිදීම මගින් ඉහත කී රෝගාබාධ ස`දහා ගන්නා බෙහෙත් මාත්‍රාවන් සහ බෙහෙත් වර්ග සංඛ්‍යාවන් පැහැදිලිවම අඩු කළ හැකිය. ඇතැම් විට බොහත් සම්පූර්ණයෙන්ම නවතා දැමිය හැකිය. ඒ තුළින් අතුරු ආබාධ නොමැතිව රුපියල් දහස්‌ ගණනක්‌ රෝගින්ට ඉතුරු කර ගත හැකි අතර රටට රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් ඉතුරු කර ගත හැකිය.

ඇවිදීම තුළින් බයිපාස්‌ හෘද සැත්කම් වළක්‌වා ගත හැකිය. එමගින් අවදානමකින් තොරවම රුපියල් ලක්‌ෂ ගණනින් මහජනතාවට ඉතුරු කර ගත හැකි අතර රටට නැවතත් රුපියල් කෝටි ප්‍රකොAටි ගණනින් ඉතුරු කර ගත හැකිය. ඇවිදීම තුළින් මිනිසා අවට පරිසරයෙන් හුදකලා වීම වළක්‌වා පරිසර සහජීවනය අගයන සක්‍රිය පුද්ගලයෙකු බවට පත් කළ හැකිය. ඉතින් ඇවිදීමේ වටිනාකම කියා නිමකරන්නට බැරි යෑයි කීමට තවත් කරුණු කාරණා අවශ්‍යද?

ඇවිදීමේ වටිනාකම කියන්න බැරි තරම් බව අවබෝධ කරගත් අපි එතරම් වටිනා ඇවිදීමෙන් මිනිසා ඈත් කරන සාධක පිළිබ`දවද මැනවින් අවබෝධ කර ගත යුතු වෙමු. මිනිසාගේ ඇවිදීමේ ක්‍රියාවලිය උපරිම වශයෙන් සීමාකිරීමට වැඩිපුරම දායක වී ඇත්තේ මෝටර් වාහන භාවිතා කිරීම යි.

මේ වන විට අප රටේ ඕනෑම නිවසක අඩුම තරමින් පරණ මෝටර් බයිසිකල් කට්‌ටක්‌ හෝ තිබේ. ආර්ථික මට්‌ටම කුමක්‌ වුවත් සෑම දෙනාම දැන් වැඩිපුරම පෙළඹෙන්නේ පුද්ගලික මෝටර් වාහනයක්‌ තමන් සතු කර ගැනීමටය. ඒ වෙනුවෙන් තමන් සතු සියලුම මුදල් සහ වෙනත් දේපල කැප කරන්නට පමණක්‌ නොව තමන්ගේ සමස්‌ත අනාගත ජීවිත කාලයේම ඉපයි ය හැකි මුදල් කැපකරන්නට ද ඔවුන් එක පයින් සූදානම්ය. ඒ මන දොල වහ වහා සපුරා තමන්ගේ බඩ වඩා ගැනීමට ලීසිං සමාගම් සහ µsනෑන්ස්‌ සමාගම් සැදී පැහැදී සිටී. ඒ අනුව ප්‍රවාහන ප්‍රතිපත්තියක්‌ තියා වෙනත් කිසිදු ප්‍රතිපත්තියක්‌ ක්‍රියාත්මක නොවන අපේ රට ඉතා අවිචාරවත් ලෙස වාහන වලින් පිරී ඉතිරී ගොස්‌ ඇත්තේ ඒවා අනතුරට ලක්‌ වී කාගේ ජීවිතය කොයි වෙලේදී මහමග නැතිවේද? යන උගතෝකෝටික ප්‍රශ්නයට සැමදෙනාම මැදි කරමිනි.

අප රටේ මිනිසුන්ගේ ඇවිදීම සීමාකිරීමට වැඩිපුරම දායක වී ඇත්තේ මෝටර් බයිසිකල් සහ ත්‍රී වීල් රථයි. ඈත පිටිසර ගම්වල පවා තත්ත්වය ඉතාම කණගාටුදායකය. අප කුඩා කාලයේ ගම් වල තිබූ අඩි පාරවල් සහ ප්‍රධාන පාරවල් වල වංගු යා කරන ලෙස සෑදී තිබූ කෙටි පාරවල් එකක්‌වත් දැන් නැත. ඒ කිසිදු ගැමියෙක්‌ පයින් නොයන නිසාය. පිරිමින්ගේ ඇවිදීම මෝටර් බයිසිකල් විසින් වැඩිපුරම සීමා කර ඇති අතර ත්‍රී වීල් රථ විසින් කාන්තාවන්ගේ ඇවිදීම වැඩිපුරම සීමා කර ඇත.

දැන් ඈත පිටිසර ඕනෑම හන්දියක පවා ත්‍රී වීල් රථ 10 ක්‌ 15 ක්‌ ඇත. එසේම ඕනෑම කෙනෙක්‌ අත ඉතාම භයානක මෙවලමක්‌ වන නූතන අධිතාක්‌ෂණික ජංගම දුරකථනයක්‌, සමාවෙන්න¾ කීපයක්‌ ඇත. මීටර් 50 ක හෝ ඊටත් වඩා කෙටි ගමනක්‌ යන්නට ඕනෑ වූ සැනින් zzආ මල්ලී අසවල් දිහා යන්නට තිබෙනවාZZ යනුවෙන් ඉතාම තොදොල් හ`ඩින් ත්‍රි වීල් රථ පදවන නාඹර වයසේ කොලු ගැටවුන්ට දුරකථන පණිවිඩයක්‌ ලබා දෙයි. විනාඩියක්‌ යන්නටත් මත්තෙන් ත්‍රී වීල් එක ඉස්‌තෝප්පුවේය. ගමනාත්තය දක්‌වා යන්නේද ආපසු ගෙටම එන්නේද ත්‍රී වීල් එකේය. ඉතින් මෙතරම් පහසුකම් තියෙද්දී ඉහින් කනින් දාඩිය පෙරාගෙන ඇවිදින්නේ අහවල් එකකටද?

හැබැයි මෙසේ ගමන් යන කාන්තාවන් නොසිතන දෙය වන්නේ ඔවුන් ත්‍රී වීල් රථයෙන් යන සෑම වාරයක්‌ පාසාම තමන්ගේ තෙල් මන්ද මෝරනවා යන්නයි. එසේ තෙල් මන්ද මෝරා තමන් අධික තරබාරු බවට පත් වී දියවැඩියාව සෑදී කොලෙස්‌ටරෝල් වැඩි වී හෘදයාබාධ සෑදී තමන් අකාලයේ මිය යනවාය යන්නයි. ඇත්ත වශයෙන්ම මෙවැනි චර්යාවන් තිබුණ කීප දෙනෙක්‌ම හෘදයාබාධ සෑදී රෝහලට ගෙනයන්නටත් පළමුව ගෙදරදීම හෝ රැකියා ස්‌ථානයේදී බෙල්ල කඩා වැටී මිය ගිය අවස්‌ථා අපට ආරංචි වී ඇත. ඒ අය අවම වශයෙන් තමන්ගේ එදිනෙදා සුලු ගමන් බිමන් හෝ ත්‍රී වීල් සහ මෝටර් බයිසිකල් භාවිතා නොකර පයින් ගියානම් හෘදයාබාධය ඇතිවන්නට පෙර පපුවේ කැක්‌කුමක්‌ හෝ හතියක්‌ දැනෙන්නට ඉඩ තිබුණි. නමුත් හෘදයාබාධ අවදානම මාරාන්තික හෘදයාබාධයට කලින් දැනගැනීමේ හැකියාව අඩියක්‌ වත් පයින් නොයාමේ කායික අක්‍රියභාවය විසින් සම්පූර්ණයෙන්ම වළක්‌වා තිබේ. ඉතින් ක්‌ෂණික මරණය හැර වෙනත් කුමන විකල්පයක්‌ද?

මෙතෙක්‌ ඉදිරිපත් කළ කරුණු කාරණා තුළින් ඇවිදීමේ වටිනාකම කියා නිම කරන්නට බැරි තරම් බවත් අවම වශයෙන් සිතා නිම කරන්නට බැරි තරම් බවත් අපි මේ වන විට මැනවින් වටහා ගෙන ඇත්තෙමු. ඉතින් ඔබ තවමත් ඇවිදීම ආරම්භ කර නැතිනම් වහ වහා කළ යුත්තේ අද අදම ඇවිදීම ආරම්භ කිරීමයි. ඔබ දැනටත් ඇවිදින කෙනෙක්‌ නම් කළ යුත්තේ වඩාත් හොඳිsන් සහ දැඩි අභිමානයෙන් ඔබේ ඇවිදීමේ ව්‍යායාමයේ නිතිපතා යෙදීමයි.

h

වෛද්‍ය පාලිත සමන් ජයකොඩි