අනුර ගැන කනගාටුයි!

ජනතා විමුක්ති පෙරමුණේ නායකයා විසින් අග්‍රමාත්‍යවරයාට හා ආණ්ඩුවේ ප්‍රධාන අමාත්‍යවරුන් කිහිප දෙනෙකුට චෝදනාවන් කිහිපයක් එල්ලකර ඇති බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශකර සිටියේ අද(11) සිරිකොතදී පැවති මාධ්‍ය හමුවකදීය.

ඒ මහතා ප්‍රකාශකර ඇත්තේ ආණ්ඩුව පරිපූරක ඇස්තමේන්තුවක් මගින් විවිධ අමාත්‍යාංශ සඳහා විශාල මුදලක් මේ වෙනකොටත් වෙන්කරගෙන අවසන් බවත්, අග‍්‍රාමාත්‍ය කාර්යාලය සඳහා ප‍්‍රභූ ආරක්ෂක වාහන දෙකක් මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 5943ක් වෙන්කරගෙන තිබෙන බවත්ය.

අනුර කුමාර දිසානායක මහතා විසින් මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශකර සිටි බවත්, ඊයේ දිනයේදීද මේ පිළිබඳව අදහස් ඉදිරිපත් කර ඇති බවත්, මෙවැනි අගයපු දේශපාලඥයෙකු විසින් කිසිදු කරුණු කාරණාවක් සොයා නොබලා මෙවැනි ප්‍රකාශයන් සිදු කිරීම කනගාටුවට කරුණක් බවත් හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

මේ පිළිබඳව සත්‍ය තත්ත්වය ජනතාව දැන ගත යුතු බවත්, එමෙන්ම අදටත් මේ පිළිබඳව අග්‍රමාත්‍යවරයාද නොදන්නා බවත් ඒ මහතා පවසයි.

එමෙන්ම කබීර හෂීම් අමාත්‍යවරයාගේ අමාත්‍යංශයට තවත් චෝදනාවක් එල්ලකර ඇති බවත් එම අමාත්‍යංශයේ ඇති විශාල අවශ්‍යතාවයන් රැසකට පිළියම් ලෙස මෙම මුදල වෙන් කර ඇති බවත් ඒ මහතා පිළිතුරු වශයෙන් ලබා දුනි.

එමෙන්ම ඒ අවස්ථාවේදී හරීන් ප්‍රනාන්දු මහතාට එල්ල කරනු ලැබූ චෝදනා වලටද ඒ මහතා පිළිතුරු ලබා දුන්නේය.

මෙම චෝදනාවන් පදනම් විරහිත ඒවා බවත් තම පක්ෂයට එල්ල වී ඇති මඩ වසා ගැනීමට එනම් මෙය තමන්ගේ විළිවසා ගැනීමට යොදා ගත් කැත උපක්‍රමයත් බවත්, මෙවැනි ප්‍රකාශයන් සිදු කරන බවත් ඒ මහතා පැවසීය.

අද ජනතා විමුක්ති පෙරමුණ ගැන කතා කළ යුතු බවත්, මිනිස්සුන්ට අතීතය අමතන නැති බවද ඔහු පෙන්වා දුන්නේය.

2