ජනපති එංගලන්තයට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(11) දිනයේ එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

එංගලන්තයේ ලන්ඩන් නුවර පැවැත්වෙන දූෂණ මැඩලීමේ අන්තර්ජාතික සමුළුව සඳහා සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා එංගලන්තය බලා පිටත්ව යන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම සංචාරයේ නිරත වෙයි.

සමුළුවෙන් අනතුරුව ජනාධිපතිවරයා හා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා අතර ද්වීපාර්ශික සාකච්ඡා පැවැත්වීමට ද නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

එංගලන්ත සංචාරයෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දියාවේ සංචාරයක නිරත වීමට ද නියමිතව තිබේ.

 

u