ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ලැබීම වාසිදායකයි

ඇමරිකන් ‍ඩොලර් බිලියන 2කකට ආසන්න මුදලක් තිබීමෙන් අපේ රටේ ආර්ථිකයට ස්ථාවරත්වයක් ලබා දෙන බව සරත් අමුණුගම මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ (10) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

දිනෙන් දින ගෝලීය ආර්ථිකය අර්බුදකාරී තත්ත්වයකට පත්වන බවත් එවැනි පසුබිමක් තුළ අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය මුදලක් ලැබීම වාසිදායක තත්ත්වයක් බවත් ඒ මහතා පෙන්වා දෙයි.

මෙවැනි පසුබිමක් තුළ වෙළඳාම, සංචාරය වැනි ක්ෂේත්‍රයන් තුළද විවිධ ප්‍රශ්න ගැටළු මතුවන බවද ඒ මහතා පෙන්වා දී ති‍බේ.

එමෙන්ම එවැනි තත්ත්වයක් තුළ විදේශීය රටවල් අප රටත් සමග සිදු කරනු ලබන වෙළඳ භාණ්ඩවල අනාගතය සැක සහිත බවද ඒ මහතා පවසයි.

නමුත් පෝට් සිටි ව්‍යාපෘතිය ආරම්භවීමත් සමගින් අලුත් නිෂ්පාදන මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව පත්වන බවත් ඒ මහතා පෙන්වා දී තිබේ.

මේ වන විට හම්බන්තොට ප්‍රදේශයේ සුවිශේෂී අපනයන කලාපයක් ඇති කර ඇති බවද ඔහු පෙන්වා දෙයි.

 

cd