කුසල්ගේ නිර්දෝෂී ස්ථාවරය තවදුරටත්

තමා නිර්දෝෂී යන ස්ථාවරය එදා මෙන්ම අදත් නොවෙනස්ව පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී  පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සදහන් කලේය.

එම මාධ්‍ය හමුව කැදවා තිබුණේ  කුසල් ජනිත් පෙරේරාට එල්ල වූ තහනම් උත්තේජක චෝදනාවලින් ඔහු නිදහස් වූ බව දැනුවත් කිරීම සඳහාය.

මේ එහි දී තවදුරටත් අදහස් දැක්වූ  කුසල් ජනිත් පෙරේරා 

“මම නිර්දෝෂයි කියන ස්ථාවරයේ එදත් ඉන්නවා. දිගටමත් ඉන්නවා.

ගෙවුණ කාලෙ ලොකු පීඩනයක් තිබුණා. නමුත් මම ගත කරපු විදිහට ඒක මට එතරම් දැණුනෙ නෑ.

මාහට එල්ලවූ චෝදනාවට වරද පිළිගත්තොත් ලැබෙන දඬවම අඩුවෙයි කියලත් සමහරු කිව්වා. නමුත් මම කැමති වුණේ නෑ වරදක් නොකර වරදක් පිළිගන්න.

මට අවුරුදු 4 ක තහනමක්  දුන්නත් මම වැරැද්දක් කරල නැත්නම් මම කැමති නෑ වරදක් පිළිගන්න. නමුත්  මම හිතන්නේ මුදල්  හා කීර්තිනාමය අතිනුත් මෙමගින්  මට එතරම් ලොකු හානියක් වුණේ නෑ.

මගේ ලොකුම බලාපොරොත්තුව නැවතත් පුහුණුවීම් ආරම්භ කරල ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමයි.

මම ඒ සඳහා හෙට සිට පුහුණුවීම් ආරම්භ කරනවා” යැයිද  පවසා සිටියේය.

s