ලෝකයේ ගස්වැල් වර්ග කීයක් තිබේද?

ලෝකයේ මතෛක් හඳුනාගෙන ඇති  ගස් වැල් විශේෂ ගණන 3,90,900ක් බව අලුත්ම වාර්තාවක් කියයි. මේ බව සඳහන් වන්නේ ලන්ඩන් නුවර රාජකීය උද්භිද උද්‍යානය විසින් නිකුත් කරනු ලැබූ වාර්තාවකය. මෙම අධ්‍යයනයෙන් 2015 වසර ඇතුළත නව ශාක විශේෂ 2,034ක් සොයා ගෙන ඇති බව තහවුරු කර ඇත. අවාසනාවන්ත තත්ත්වය වන්නේ මේ ශාක විශේෂවලින් සියයට 21ක්ම වාසස්ථාන විනාශවීම, කාලගුණ විපර්යාස, රෝග සහ ආක්‍රමණික ශාක නිසා වඳවී යාමේ තර්ජනයට මුහුණ දී සිටීමයි.
මෙම සංගණනය සිදු කර ඇත්තේ මේ දක්වා විද්‍යාඥයන් විසින් ලැයිස්තු ගත කර ඇති ශාක විශේෂවල දත්ත පදනම් උපයෝගී කරගෙනය. ඇල්ගී වර්ග, පාසි වර්ග, අක්මා ශාක විශේෂ හැරුණු කොට මුළු ලොව පුරා දක්නට ඇති ශාක විශේෂ ගණන 3,90,900ක් බවත් එයින් 3,69,400ක් මල් පිපෙන ශාක බවත් සොයා ගැනීමට හැකියාව ලැබි ඇත්තේ ඒ අනුවය.
එසේ වුවත් හෙට වන විට මේ සංඛ්‍යාව වෙනස් විය හැකිය. ඒ, තවමත් ලොව පුරා හඳුනා නොගත් ශාක විශේෂ දහස් ගණනක් තිබිය හැකි බැවිනි. පසුගිය අවුරුද්දේ පමණක් අලුත් බිගෝනියා ශාක විශේ්ෂ 90ක් පමණද, අලුත් ලූණු විශේෂ 5ක් පමණද බ්‍රසීලයේ දකින්නට ලැබෙන කෘමි භක්ෂක ශාකයක් වූ ච්පධඵඥපච ථචඨදඪටඪජච වැනි ශාක විශේ්ෂද අලුතෙන් සොයාගෙන ඇත. ච්පධඵඥපච  ශාකය පළමුවරට විද්‍යාඥයන්ගේ ඇස ගැටී ඇත්තේ ෆේස්බුක් සමාජ වබේ අඩවිය හරහාය. රාජකීය උද්භිද උද්‍යානය විසින් සිදු කරනු ලබන මෙම ඇගයුම ඉදිරියට වසරක් පාසා සිදු කිරීමට නියමිතව ඇති අතර කාලයත් සමග ලොව පුරා ශාක විශේෂවල සිදුවන වෙනස්කම් නිරීක්ෂණය කිරීමට එය උද්භිද විද්‍යාඥයන්ට පහසුවක් වනු ඇත.

3

(බි. බි. සී ඇසුරෙනි)