අමාත්‍ය දයා ගමගේ ‘සද්ධම්ම විභූෂණ ශාසනජෝති’ ගෞරව නාමයෙන් පිදේ…

කතරගම වැඩසිටි කන්දේ අභිනවයෙන් ඉදිකළ චෛත්‍ය රාජයාණන් වහන්සේ 20 වන දා බුදු සසුන වෙනුවෙන් පූජා කෙරිණි.

මෙම චෛත්‍යය ඉදි කිරීමේ දී ප‍්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ විසින් සිය පුද්ගලික ධන පරිත්‍යාගයෙන් මුල්‍යමය ආධාර, ද්‍රව්‍යමය ආධාර මෙන්ම ශ‍්‍රම දායකත්වය මේ සඳහා ද ලබා දී තිබේ.

ඓතිහාසික වැඩසිටි කන්ද පුරාණ විහාරයට මහත් අඩුපාඩුවක්ව පැවති චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකිරීමේ කටයුතු සඳහා අමාත්‍ය දයා ගමගේගේ දායකත්වය මෙහිදී මහා සංඝරත්නයේ ප‍්‍රශංසාවට හා ගෞරවාදරයට පාත‍්‍ර විය.

මේ අතර, අමාත්‍ය දයා ගමගේගේ ශාසනික මෙහෙවර අගයමින් වැඩසිටි කන්ද විහාරාධිපති පූජ්‍ය හීල්ලේ ඤාණානන්ද නා හිමියන්ගේ අදහසකට අනුව විශේෂ ගෞරව නායමයක් ලබා දීමට ද මෙහිදී කටයුතු කෙරිණි.

අමරපුර සිරි සද්ධම්ම වංශ මහා නිකායේ මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ ‘සද්ධම්ම විභූෂණ ශාසනජෝති’ යන නමින් දයා ගමගේ මැතිතුමා වෙත මෙම සන්නස් පත‍්‍රය පුදනු ලැබූයේ, විහාරාධිපති හීල්ලේ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි.

මෙම අවස්ථාවට බුද්ධශාසන හා අධිකරණ අමාත්‍ය ආචාර්ය ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරුන් හා විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

fr

– භාරත තෙන්නකෝන්